ගාසා තීරයේ ඊශ්‍රායලය සිදුකරන ම්ලේච්ඡ ජන සංහාරයට එරෙහිව ඉතාලියේ ජනතාව විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා . ගාසා තීරයේ ජනතාවට සහාය පළ කිරීමටත්, පලස්තීනය නිදහස් රාජ්‍යයක් ලෙස පිළිගැනීම සඳහා ඉතාලි රජයට බලපෑම් කිරීමටත් සැප්තැම්බර් 19 නම වන දා පැය හතරක වැඩ වර්ජනයක් කැඳවූ වෘත්තිය සමිති ව්‍යාපාරය සැප්තැම්බර් 22 දා එක් දින වැඩ වර්ජනයක් කැඳවා තිබුණි. සැප්තැම්බර් 22 වන දා ශිෂ්‍ය ව්‍යාපාරය පලස්තීනයට සහාය පළ කිරීම සඳහා වෘත්තිය සමිති ගෙනයන අරගලයට සහය පළ කිරීම සඳහා එදින උදෑසන විරෝධතා ව්‍යාපාර දියත් කර තිබුණා . සැප්තැම්බර් 27 දා ඊයේ දිනයේදීත් ඉතාලියේ විවිධ නගරවල විරෝධතා සංවිධානය කර තිබුණා .
ඉතාලියේ Brescia නගරයේ විරෝධතාවයට දස දහසකට අධික පිරිසක් සහභාගි වී සිටි අතර නගර මධ්‍යයෙන් ආරම්භ කළ විරෝධතාවය ගමන් කරනු ලැබුවේ ලොව විශාලතම ආයුධ නිෂ්පාදන කරන කර්මාන්ත ශාලා දහය අතරින් එකක් වන Leonardo වෙතටය . එම කර්මාන්තශාලාව වෙත දැඩි පොලිස් ආරක්ෂාවක් සපයා තිබුණි .
ඊශ්‍රායලය ගෙනයන ම්ලේච්ඡ ප්‍රහාරයන් වලට එරෙහිව විරෝධතාවයන් ආරම්භ කළ මුල් අවධියේදී විශාල ජනතා අවධානයක් ඒ වෙත යොමු නොවුනද දැන් දැන් නේතෙන්යාහු සහ ඇමරිකාවේ ම්ලේච්ඡත්වය පිළිබඳව දැනුවත්ව ඒකරාශී වෙමින් සිටිනවා . මෙලෝනි රජයට ඉතාලි ජනතාව බලපෑම් කරමින් සිටින්නේ ාසා තීරය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නා ලෙසයි . නමුත් ඊට ප්‍රතිචාර දක්වමින් මෙලෝනි ප්‍රකාශ කරන්නේ හමාස් සංවිධානය පලස්තීන පාලනයෙන් ඉවත් වී ම ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හරින්නේ නම් ඒ සඳහා සැලකිලිමත් වන බවයි .










කෙසේ වුව ද පලස්තීන ජනතාවට සහාය පළ කරමින් දිනපතා ම්ලේච්ඡත්වයට එරෙහිව ඒකරාශී වන පිරිස වැඩි වීම විසින් ඉතාලි රජය පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට පෙළඹවීමේ හැකියාව වැඩිවෙමින් පවතින බව පෙනෙන්න තිබෙන අතරම මෙලෝනිගේ ආණ්ඩුවේ ඉදිරි දේශපාලනය ද මේ හරහා තීරණාත්මක වනු ඇතැයි දේශපාලන විචාරකයන් අදහස් පළ කරනවා .