තර්ජන විතරක් එල්ලවන චෝදනා නැති ‘අහිංසක’ ටිරාන්

Date:

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට පාතාල කල්ලි නායකයෙකු විසින් දුරකථනය ඔස්සේ මරණීය තර්ජන එල්ල කර ඇති බවට වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ද සිදුකර ඇති බව පැවසේ.

පසුගිය 5වනදා ඩුබායිහි හී රැඳී සිටින පාතාල කල්ලි නායකයෙකුගෙන් ඇමතුම් කිහිපයක් ලබාදෙමින් හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ට මරණ තර්ජන එල්ල කර ඇති බව වාර්තා වේ.

ටිරාන් අලස් මීට පෙරද තමන්ට මරණ තර්ජන ඇති බව පොලීසියට පැමිණිලි කර තිබුණි. ඒ ඔහු මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටි සමයේ ආරම්භ කළ ‘යුක්ති’ නම් පොලිස් මෙහෙයුම් සමයේයි.

පුදුමයකට කරුණ නම් ටිරාන් අලස්ට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වුවත් ඒ සම්බන්ධ කිසිදු පුද්ගලයෙක් අත්අඩංගුවට නොගැනීමයි. ඊටත් වඩා තවත් පුදුමයක් තිබේ. ටිරාන් යටතේ සිටි පුද්ගලයන් විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට පත්වෙද්දී ඔහු කිසිදු අපල උපද්‍රවයකින් තොරව සිටීමයි.

ඊ – වීසා ගණුදෙනුව සම්බන්ධයෙන් වගකිවයුත්තේ එවක ටිරාන්ට යටතේ තිබූ අමාත්‍යංශයයි. ඔහු එම ගනුදෙනුවට සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි තිබුණි. නමුත් ඒ සිදුවීම සම්බන්ධයෙන් දැනට දඬුවම් ලබා සිටින්නේ හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය පමණි.

දේශබන්දු සම්බන්ධව පවතින ප්‍රධාන චෝදනාවක් වන වැලිගම හෝටලය සම්බන්ධ සිදුවීමේදී ඒ සඳහා ටිරාන් අලස් ඍජුව සම්බන්ධ බව අනාවරණය වී තිබුනද ඒ සඳහා දැනට යම් තරමකට හෝ පියවර ගෙන ඇත්තේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව පමණි.

ඒ සමඟම වසර එක හමාරකට අධික කාලයකට පෙර එනම්, 2023 වසරේ සැප්තැම්බර් මාසයේදී අත්අඩංගුවට ගැනුණු පාතාල සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා ලැබ ඇති ‘හරක් කටා’ හෙවත් නඳුන් චින්තක වික්‍රමරත්න පසුගියදාක මාධ්‍ය වෙත පැවසුවේ “කෝටියක් විතර වියදම් කරල මාව තංගල්ලෙ තියාගෙන ඉන්නෙ ටිරාන් අලස්ට යි, දේශබන්දු තෙන්නකෝන්ට යි කෝටි 30ක් දුන්නෙ නැති එකට.” බවයි.

මේ සම්බන්ධව පරීක්ෂණ සිදුවන බව පැවසුනත් ඒවාට සිදුවූ දෙයක් නැත.

මේ අතර ටිරාන් අලස් කාලයෙන් කාලයට තමන්ට මරණ තර්ජන එල්ල වූ බවට පැමිණිලි දමමින් සතුටින් සිටියි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...