සම සෞඛ්‍ය විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් සිසු නායකයන්ට ඇප

අධිකරණ නියෝග කඩකළ බවට චෝදනා කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධය දැක්වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් අයෙක් ඇපමත මුදාහැරීමට අධිකරණය නියෝග කර තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ඔවුන් දෙදෙනා මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට අද (28) ඉදිරිපත්කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇත.

එහිදී අධිකරණය විසින් ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට පසුගිය 27වනදා විරෝධතාවයක නිරත විය. එහිදී පාන්දර 1ට 2ට එම ස්ථානය කඩා වැදුණු පොලීසිය සිසුන්ට පහරදෙමින් අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී අත්අඩංගුවට ගනු ලැබූ 25 දෙනෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මීට පෙර මුදාහැර තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...