දේශබන්දු යළි රිමාන්ඩ් – ටිරාන් තවමත් සැකකරුවෙකු ලෙස නම් කර නැහැ

රක්ෂිත බන්ධනාගාරගත කර සිට මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රේල් මස 10 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

2023 වසරේ වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් අසල සිදුවු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන්, දින 20ක කාලයක් සැඟව සිට පසුගිය 19 වනදා මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට භාරවිය.

අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තු නිකුත් කර තිබූ දේශබන්දු තෙන්නකෝන් මාර්තු (19) පෙරවරුවේ අධිකරණයට භාර වූයේ නීතීඥවරුන් විශාල පිරිසක් සමගයි.

මොහු ඇතුළු 08 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස පෙබරවාරි මස 27 වනදා අධිකරණය නියෝග කර තිබුණි.

එවන් පසුබිමක තමන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය තීන්දු කෙරිණි.

මෙවැනි තත්වයක් හමුවේ දේශබන්දු තෙන්නකෝන් සොයා ඔහුගේ නිවස ඇතුලු ස්ථාන කිහිපයක් අපරාධ පරීක්ෂණ නිලධාරීන්ගේ සෝදිසියට ලක් වූ අතර එහෙත් ඔහු සොයා ගැනීමට හැකි වුයේ නැත. පසුව ඔහුව රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ අධිකරණයට පැමිණීමෙන් පසුවයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වාද මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

නමුත් මෙම සිදුවීමට අදාළවම හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්ගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගත් අතර ඔහු සැකකරුවෙකු ලෙස නම් කර නොතොබිමද විශේෂත්වයකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්