චාමර සම්පත් යළි ඇතුළට 

ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ චාමර සම්පත් දිසානායක ට විරුද්ධව පසුගිය 27  දා  නඩු තුනක් අධිකරණය ඉදිරියේ පවරනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට  නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කළා. අද කැඳවූ එම නඩුවට  අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එළඹෙන අටවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

චාමර සම්පත්ට එරෙහිව ගොනුකර ඇති චෝදනාව වන්නේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින්  අයථා ලෙස මුදල් ඉල්ලා තිබීමත් ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10ක් සහ මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ (චාමර සම්පත් පදනම) ගිණුමට බැර කරගෙන පුද්ගලික පරිහරනය සඳහා යොදාගෙන ඇති බව  නැගෙන චෝදනාවයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...