චාමර සම්පත් යළි ඇතුළට 

ඌව පළාත් ප්‍රධාන ඇමති ලෙස 2016 වසරේ කටයුතු කළ චාමර සම්පත් දිසානායක ට විරුද්ධව පසුගිය 27  දා  නඩු තුනක් අධිකරණය ඉදිරියේ පවරනු ලැබීය. පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට  නඩු දෙකකින් ඇප හිමි වුවත් එක නඩුවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කළා. අද කැඳවූ එම නඩුවට  අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක එළඹෙන අටවනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

චාමර සම්පත්ට එරෙහිව ගොනුකර ඇති චෝදනාව වන්නේ ඌව පළාතේ පෙරපාසල් ළමුන් සඳහා පොත් බෑග් ලබාදීමට බව පවසමින් රාජ්‍ය බැංකු 3කින්  අයථා ලෙස මුදල් ඉල්ලා තිබීමත් ලංකා බැංකුවෙන් රුපියල් ලක්ෂ 10ක් සහ මහජන බැංකුවෙන් රුපියල් ලක්ෂ 25 බැගින් ලබාදී ඇති අතර ඔහු එම මුදල් ඔහුගේ පෞද්ගලික පදනමේ (චාමර සම්පත් පදනම) ගිණුමට බැර කරගෙන පුද්ගලික පරිහරනය සඳහා යොදාගෙන ඇති බව  නැගෙන චෝදනාවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...