අලිමරණ ආණ්ඩුව

Date:

ජාතික ජන බලවේග ආණ්ඩුව මෙතෙක් ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම අවම කිරීමට හෝ අලි ඇතුන් සංරක්ෂණයට කිසිඳු සාධනීය ඉදිරි ක්‍රියාමාර්ගයක් ගෙන නැත. ඒ වෙනුවට ගැටුම් උත්සන්න වීමට හේතු වන අලි පලවාහැරීම් කෙරෙහි දැඩි විශ්වාසයක් තබා කටයුතු කරනු පෙනේ.

පරිසර අමාත්‍යවරයා සමග පැවති පළමු රැස්වීමේ සිටම අවධාරණය කෙරුණු අලි පලවහැරීම් වල ආදීනව තඹ සතයකට මායිම් නොකෙරුණු අතර, අනුරාධපුර ප්‍රදේශයේ සිදුකළ අලි පලවාහැරීම ඇස් පනාපිටම අසාර්ථක විය. දැන් නැවතත් පුත්තලම ප්‍රදේශයේ අලි පලවාහරීමක් සිදුකිරීමට සියලු කටයුතු ආරම්භකර ඇති බවට මාධ්‍ය වාර්තා පලවන අතර ඊට ජනාධිපතිවරයාගේද අවසරය සහ අනුබලය ලැබුණු බව එහි වැඩි දුරටත් සඳහන් වේ. ‘අලි වැඩියි’ යන මතයේ ජනාධිපතිවරයාද එල්බ සිටින බව ඔහුගේ ප්‍රකාශ මගින් පෙනීයන පසුබිමක ඔහුගෙන් ද ඊට වඩා වැඩි යමක් බලාපොරොත්තු විය නොහැක.

එසේම රිය අනතුරකට ලක්ව අතුරුදහන්ව සිටින සුමේධ හස්තියා සෙවීමේ මෙහෙයුමද තුච්ච සමාජ මාධ්‍ය සංදර්ශනකින් දියාරු කෙරුණු අතර මේ සටහන ලියන විට මින්නේරිය ප්‍රදේශයේ සැරිසැරූ තවත් ඒකදන්ත ඇතෙකු වෙඩි තබා මරා දමා තිබේ.

එබැවින් රටේ වර්තමාන ඊනියා සංරක්ෂණ ප්‍රවණතා පිළිබඳව දැඩි කණගාටුවටත් ඉච්ඡාභංගත්වයටත් පත්ව සිටින නමුත් අරගලය අත්නොහරින බව අවධාරණය කරමු.

එසේම තුනෙන් දෙකකට වඩා වැඩි බලයක් හිමිකරගෙන සිටින මේ උද්දච්ච ආණ්ඩුව එකී ජන බලය සමග සෙල්ලම් කිරීමට උත්සාහ දරන්නේ නම්, ඔවුන් මතක තබාගත යුත්තේ ඔවුන්ට පාරාවළල්ලක් වන්නේද එම උද්දච්චකමම බවය.

එසේම මෙරට පරිසර සංරක්ෂණය වෙනුවෙන් සැබෑ මිනිසුන් ගෙනයන අරගලය එකී සංරක්ෂණ අරමුණු සාක්ෂාත් කරගන්නා තුරු කුමන ආණ්ඩුවක් ඉදිරියේ වුවද දන නොනමා, නොබියව ඉදිරියට යන බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Share post:

Subscribe

spot_imgspot_img

Popular

More like this
Related

ආණ්ඩුවේ ජඩ බදු ක්‍රමය ගැන පුබුදුගෙන් අනාවරණයක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ රජයේ බදු...

අනුර හමුවෙන්න කලින් නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ජනාධිපතිවරයා සමග අද (අගෝස්තු 12) දින විනි­ශ්ච­ය­කා­ර­ව­රුන්ගේ විශ්‍රාම වයස්...

නව ගමන් බලපත්‍රයටත් ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමට සැරසෙයි

ප්‍රශ්නසහගත ජෛවමිතික දත්ත ඇතුළත් කිරීමේ ක්‍රමවේදය නව විද්‍යුත් ගමන්...

ජනමත විචාරණයක් ගැන නලින්දගේ උත්තරේ

රජය පාර්ශවයට ජනමත විචාරණයක් සම්බන්ධයෙන් තීරණයක් ගත නොහැකි බවත්...