පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම 17සිට

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීමේ දින අද මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව මාර්තු 14 වන දා සිට දාහත් වෙනිදා සිට විසි වැනිදා දහවල් දොළහ දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුකරනු ලබනවා.

පළාත් පාලන ඡන්ද විමසීම සිදු කරන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ මාර්තු මාසේ 20 වැනිදා දහවල් දොළහෙන් පසුවයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාරදීම මාර්තු 3වෙනිදා සිට ආරම්භ කිරීමට අවස්ථාව සැලසී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා .

කල්මුණේ මහ නගර සභාව දෙහිඅත්තකන්ඩිය මන්නාරම මුන්නක්කරේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා හැර ප්‍රාදේශීය සභා 336 කට මෙවර නාමයෝජනා භාර ගැනීම සිදුකරනු ලබනවා. ඒ අනුව මහනගර සභාව 28ක් නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272ක් වෙනුවෙන් නාම යෝජනා භාර දීමේ හැකියාව ලැබෙනවා.

2023 මාර්තු 9 වන දා පළාත් පාලන ඡන්දයට දින නියම කර තිබියදී එය කල්දැමීමට මැතිවරණ කොමිසමට සිදුවෙනවා .එම වසරේම අප්‍රියල් මාසයේ 25 වනදා නැවතත් මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කළද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ රජය එම මැතිවරණය නොපවත්වා සිටීමට අදාළ සියලු කුමන්ත්‍රණ සිදු කරමින් පළාත් පාලන ඡන්ද විමසීම ඔවුන්ගේ දුර කාලය තුළ නොපැවැත්වීමට කටයුතු කළා. 2023 වසරේදී මේ ඡන්ද විමසීමට අදාළව ඇස්තමේන්තු කළ මුදල රුපියල් මිලියන 9326 වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...

ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන...

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...