පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාර ගැනීම 17සිට

පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීමේ දින අද මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ අනුව මාර්තු 14 වන දා සිට දාහත් වෙනිදා සිට විසි වැනිදා දහවල් දොළහ දක්වා නාමයෝජනා භාර ගැනීම සිදුකරනු ලබනවා.

පළාත් පාලන ඡන්ද විමසීම සිදු කරන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ මාර්තු මාසේ 20 වැනිදා දහවල් දොළහෙන් පසුවයි. පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ ඇප මුදල් භාරදීම මාර්තු 3වෙනිදා සිට ආරම්භ කිරීමට අවස්ථාව සැලසී ඇති බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කළා .

කල්මුණේ මහ නගර සභාව දෙහිඅත්තකන්ඩිය මන්නාරම මුන්නක්කරේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා හැර ප්‍රාදේශීය සභා 336 කට මෙවර නාමයෝජනා භාර ගැනීම සිදුකරනු ලබනවා. ඒ අනුව මහනගර සභාව 28ක් නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 272ක් වෙනුවෙන් නාම යෝජනා භාර දීමේ හැකියාව ලැබෙනවා.

2023 මාර්තු 9 වන දා පළාත් පාලන ඡන්දයට දින නියම කර තිබියදී එය කල්දැමීමට මැතිවරණ කොමිසමට සිදුවෙනවා .එම වසරේම අප්‍රියල් මාසයේ 25 වනදා නැවතත් මැතිවරණය පැවැත්වීමට කටයුතු සූදානම් කළද රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ රජය එම මැතිවරණය නොපවත්වා සිටීමට අදාළ සියලු කුමන්ත්‍රණ සිදු කරමින් පළාත් පාලන ඡන්ද විමසීම ඔවුන්ගේ දුර කාලය තුළ නොපැවැත්වීමට කටයුතු කළා. 2023 වසරේදී මේ ඡන්ද විමසීමට අදාළව ඇස්තමේන්තු කළ මුදල රුපියල් මිලියන 9326 වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...