online පනතට සංශෝධන පමණයි

Date:

පසුගිය රජය විසින් සම්මත කරනු ලැබූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතට නව සංශෝධන කිහිපයක් ගෙන ඒමට වත්මන් රජය තීරණය කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

එම පනත සම්මත කර තිබෙන ආකාරය නීතියට පටහැනි යැයි සඳහන් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 4ක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මෙම දැනුම්දීම සිදු කර ඇත.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මාර්ගගත පනතට විවිධ පාර්ශ්ව තුළින් එල්ල කෙරුණු විරෝධතා හේතුවෙන් එම පනත යළි සංශෝධනය කිරීමට ආණ්ඩුව පියවර ගන්නා බව රනිල් රාජපක්ෂ ආණ්ඩුවද පොරොන්දු විය. විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමින් එම පනතට සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව සංශෝධන 47ක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව පැවසුනු නමුත් එම සංශෝධන සිදුවූ බවට ප්‍රකාශ කෙරේ නැත.

වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට පෙර මෙම පනත සම්බන්ධයෙන් විශාල විරෝධයක් දක්වා තිබුණි.

Share post:

Popular

More like this
Related

අතේ දුරින් කඩදාසි සහ පෑන් තිබූ පමණින් කෙටි කතා ලිවීමට නොහැක.

"ඒකි හඳ එළියට හිනාවුණා" කෙටිකතා සංග්‍රහය සිංහල කෙටි කතාවට...

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...