Breaking News

‘නිදහස් වුනේ අපි නෙවෙයි’ – සයිටම් කඩුවකින් නිදහස් වූ ළහිරු කියන කතාව

නිදහස් අධ්‍යාපන අයිතිය වෙළඳාමකට හැරවීමට ක්‍රියාත්මක වූ සයිටම් හොර උපාධි කඩයට එරෙහිව 2017 ඔක්තෝබර් 10 වැනිදා පැවති විරෝධතා පා ගමනක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කරමින් ගොනුකර තිබූ නඩුවකින් ලහිරු වීරසේකර නිදොස් කොට නිදහස් කර තිබේ.

අයුතු ජන රාශිය, අධිකරණ නියෝග කඩ කරීම යනාදී චෝදනා මත අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ එවකට කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ එවකට කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන අයට එරෙහිව ගොනු කර තිබූ නඩු දෙකකින් එම දෙදෙනාව නිදොස් කොට නිදහස් කර ඇත.

මෙම නිදහස් වීම සම්බන්ධයෙන් ලහිරු වීරසේකර තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබේ .

නිදහස් වුනේ අපි නෙවෙයි…

සයිටම් අරගලයේ නඩු අතරින් එක නඩුවක් අද අවසන් වුනා. ඒ මමත්, ටැම්පිටියේ හාමුදුරුවෝත් නිදොස් කොට නිදහස් කරමින්. පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන්න අසමත් වීම තමයි හේතුව. මේ නඩුවට අදාල පා ගමන පැවැත්වුනේ 2017 ඔක්තෝබර් මාසේ කොල්ලුපිටියේදි, අන්තරේ, මෙඩිකල් ඇක්ෂන් එක සහ වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා සයිටම් විරෝධි සිසුජන ව්‍යාපාරයෙන් තමා උද්ඝෝෂණ පැවැත්වුනේ. බැරියර් වලට අතක්වත් නොතියා පොලිසිය ජල හා කදුලු ගෑස් ගැහුවා.
ඒ විතරක් නෙවෙයි වෙරළ බඩ මාර්ගයේ රේල් පාර දිගේ බැටන් වල ගහලා එලවන්න හැදුවා. කැනිස්ටර් වැදිලා තුවාල වුන අය රෝහල් ගත කරන්නත් සිද්ධ වුනා.
පහුවෙනිදා වෙන නඩුවකට උසාවි ගියාම පොලිසිය පට්ටපල් බොරු වාර්තා කරලා අධිකරණ නියෝග කඩ කලා කියලා අපිව බන්ධනාගාර ගත කරන්න ඉල්ලුවා. ඉතින් සති දෙකක් අපි හිටියේ හිරේ.
මේ ඔක්කොම මැද්දේ අධිකරණ නියෝග , මර්දනය වගේම පාවාදීම් මැද්දේ සයිටම් සටන ජයග්‍රහණය කලා මහපාරේදි.
ඇත්තටම අපි සියලු දෙනා , සටන වෙනුවෙන් උපාධි අතෑරපු, උපාධිය පස්සට දාපු, මාස ගණන් පන්ති වර්ජන කරපු, අට්ටාල වල සත්‍යග්‍රහ ඉදලා උපවාස දක්වා හිටපු,කකුල් රිදෙනකම් පා ගමන් ගියපු , අපිව ආදරයෙන් වැළද ගත් , බන්ධනාගාර ඇතුලෙදි අපිට දයිරිය දීපු ආදරණීය මිතුරන්( සුරේන් ආපහු PTA යටතේ DO ගහලා ඇතුලේ බව අමතක කරන්න බෑ) තව එකී මෙකී නොකී සියලු දෙනා නිදොස් කොට නිදහස් වුනේ සයිටම් අහෝසි කරන්න ආණ්ඩුවට සිද්ධ වුන දවසේ.
2022 ජනතාවක් එක්ක අරගලය අනුමත කරපු දවසේ.
ජන බලයට ජය!!!!

leave a reply