මන්ත්‍රිවරුන්ට අලුත් වාහන ලබාදීමේ පොරොන්දුවක් ?

ජාතික ජන බලවේගයේ (NPP) කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පවසා ඇත්තේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉක්මනින් නව වාහන ලබා දෙන බවයි.

කුරුණෑගල වයඹ පළාත් යාන්ත්‍රික හා උපකරණ අධිකාරියේ පරීක්ෂාවකදී මාධ්‍යවේදීන් අමතමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ අමාත්‍යවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට තම රාජකාරි ඉටු කිරීම සඳහා වාහනයක් අවශ්‍ය යන කාරනය ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

“සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ දක්වා මන්ත්‍රීවරුන්ට කිසිදු නිල වාහනයක් ලබාදීලා නැහැ. මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම සඳහා එකඟතාවයකට එළඹිලා තියනවා. නිශ්චිත මාදිලිය මොකක්ද කියලා තවමත් තීරණය කර නැහැ. නිසැකවම ඒව අලුත් වාහන. ඉදිරි මාස කිහිපය තුළ මේ වාහන පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා,” ඔහු පැවසීය.

උපුටා ගැනීම – daily mirror

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...