මන්ත්‍රිවරුන්ට අලුත් වාහන ලබාදීමේ පොරොන්දුවක් ?

ජාතික ජන බලවේගයේ (NPP) කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පවසා ඇත්තේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉක්මනින් නව වාහන ලබා දෙන බවයි.

කුරුණෑගල වයඹ පළාත් යාන්ත්‍රික හා උපකරණ අධිකාරියේ පරීක්ෂාවකදී මාධ්‍යවේදීන් අමතමින් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ අමාත්‍යවරයෙකුට හෝ මන්ත්‍රීවරයෙකුට තම රාජකාරි ඉටු කිරීම සඳහා වාහනයක් අවශ්‍ය යන කාරනය ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

“සියලුම මන්ත්‍රීවරුන්ට අලුත් වාහන ලැබෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. මේ දක්වා මන්ත්‍රීවරුන්ට කිසිදු නිල වාහනයක් ලබාදීලා නැහැ. මන්ත්‍රීවරුන්ට වාහන ලබා දීම සඳහා එකඟතාවයකට එළඹිලා තියනවා. නිශ්චිත මාදිලිය මොකක්ද කියලා තවමත් තීරණය කර නැහැ. නිසැකවම ඒව අලුත් වාහන. ඉදිරි මාස කිහිපය තුළ මේ වාහන පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා,” ඔහු පැවසීය.

උපුටා ගැනීම – daily mirror

Share post:

Popular

වෙනත් පුවත්

බෝන් අගේන් ක්‍රිකට් මාධ්‍ය ප්‍රධානියාගෙන් මාධ්‍යට ගොං පාර්ට් තර්ජන

තිලංග සුමතිපාලගේ නැට්ටේ එල්ලී පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

උතුරේ තවත් ලේඛකයෙකුගේ පොතක් රේගුව රඳවාගෙන

උතුරේ තවත් දෙමළ ලේඛකයකුගේ නව කතාවක් ශ්‍රී ලංකා රේගුව...

පොලිස් ඇමතිගෙ පම්පෝරි විතරයි – ඉෂාර ඝාතනය කළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන නැහැ

හෝමාගම මූලස්ථාන පොලිස් ස්ථානයේ සිරමැදිරිය තුළ රඳවා සිටියදී මියගිය...