Breaking News

රාජ්‍ය සේවක වැටුප් ගැන අනුරගෙන් පොරොන්දුවක්

2025 වසරේ පෙබරවාරි හෝ මාර්තු මාසය වනවිට ගෙන එන අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ අවධානය යොමුකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. කෙසේවෙතත් පසුගියදා දිනමිණ පුවත්පතට ප්‍රකාශයක් ලබාදෙමින් මේ රට විනාශ වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවයද වගකිව යුතු බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසා තිබුණි.

ජාතික ජන බලවේගයේ තංගල්ලේ අද (19) පැවති ජන රැලිය අමතමින් අනුර කුමාර රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම ගැන කතා කොට තිබේ.

එමෙන්ම එම අයවැය මගින් දිළිඳු සහ ආබාධිත ප්‍රජාවට ලබා දෙන දීමනාව වැඩි කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක :

“අපි පෙන්නුම් කරලා තියෙනවා ධෛර්යවන්ත මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නොමැති බව. ආරම්භක වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථික ස්ථාවර නියෝජනය කිරීම. අපි ඉතා කෙටි දවසක් ඇතුළත ජත්‍යාන්තර සංවිධාන එක්ක ඉතා හොඳ, රටට හිතකර පරිදි ගණුදෙනු කරමින් විශ්වාසවන්ත ආර්ථිකයක් නිර්මාණය කළා. අපි දෙසැම්බරයේ අතුරු සම්මතයක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි, මාර්තු වනවිට අයවැය ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අයවැය ලේඛණයේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩීවිම පිළිබඳව, පාසල් දරුවන්ට ලබාදීය යුතු දීමනාවන් පිළිබඳව අපි අවධානය යොමුකරලා තියෙනවා. දිලිඳු ජනතාවට, ආබාධිත පුරවැසියන්ට ලබාදෙන දීමනාව අපි සහතික වශයෙන් එළඹෙන අයවැයෙන් වැඩිකරනවා.”

leave a reply