කොදෙව් සමග පැවති T20තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

සංචාරක කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද පැවති තුන්වන විස්සයි විස්ස තරඟයේ ජය වාර්තා කර ගනිමින් තරගාවලියේ ජයග්‍රහණය අත්කර ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා . ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 162 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ජයග්‍රහය ඉලක්කය වෙත ළඟා විය. ශ්‍රී ලංකා කණ්ඩායම තම ජයග්‍රහයේ ඉලක්කය වෙත ළඟා වූයේ 18 වන පන්දුවාරයේදීය. නොදැවී ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 68කුත් ජනිත් පෙරේරා ලකුණු 55 රැස්කරගෙන සිටියා .

තරඟයට හොඳ ආරම්භයක් ලබා දුන් පැතුම් නිශ්ශංක පන්දු විසි දෙකකදී ලකුණු 39ක් රැස් කළ අතර ඊට හයේ පාර 1 සහ හතරේ පාර 7 ඇතුළත් වෙනවා. කුසල් මෙන්ඩිස් ලබාගත් ලකුණු 68 හතරේ පහර පහක් සහ හයේ පාර තුනක්ද කුසල් පෙරේරා රැස් කරලා ලකුණු 55 ට හතරේ පාර හතක් ඇතුළත් වෙනවා.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති නිසයි විස්ස තරඟ තුනම පැවතියේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේය. අද දිනයේ දී කාසියේ වාසියේ දිනා ගත්තේ ද කොදෙව් කණ්ඩායම විසිනි.

Share post:

Popular

වෙනත් පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...