ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් මිල පහත දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තියෙනවා. ඒ අනුව පහත පරිදි ඉන්ධන මිල සංශෝධනය වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාධ්‍ය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

සංශෝධනය වූ පසු නව මිල ගණන් පහත පරිදි වේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 311කි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 283කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 319කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 377කි.

භූමිතෙල් මිල රුපියල් 19කින් පහළ දමා ඇත. නව භූමිතෙල් මිල රුපියල් 183කි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...