ඉන්ධන මිල සැලකිය යුතු ලෙස පහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් මිල පහත දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තියෙනවා. ඒ අනුව පහත පරිදි ඉන්ධන මිල සංශෝධනය වන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාධ්‍ය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ.

සංශෝධනය වූ පසු නව මිල ගණන් පහත පරිදි වේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 311කි. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 283කි. ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 319කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස්ව පවතින අතර, එහි මිල රුපියල් 377කි.

භූමිතෙල් මිල රුපියල් 19කින් පහළ දමා ඇත. නව භූමිතෙල් මිල රුපියල් 183කි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...