කුණුවලට කුණු එකතුවෙන හැටි

මහින්ද කහඳගම රනිල් සමඟ එකතු වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ කතා බහක් ඇතිව තිබුණි. බොහෝ දෙනෙක් මෙවැනි පුද්ගලයන් රනිල් සමඟ එකතුවීම සම්බන්ධයෙන් විමතිය පලකරනු ද දැකිය හැකිවිය. එසේම අද මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනටද සංවිධායක ධුරයක් හිමිව ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (03) දිනයේදී පැවැත්වුණා.

මෙහිදී මෙම දෙදෙනාම රනිල්ගේ දෑත් ශක්තිමත් කිරීම සඳහා එකතුවී තිබේ.

රුෂාන් බෙල්ලන එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ සංවිධායක ලෙස පත් කර තිබෙන බවට වාර්තා වේ.

වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් සෞඛ්‍ය වෘත්තීය සමිති ඉලක්ක කරගෙන විටින් විට ප්‍රකාශ නිකුත්කළ අයෙකු වන අතර පසුගිය පෙබරවාරි මස ඔහු කළ ප්‍රකාෂයකට විරෝධය පළ කරමින් සෞඛ්‍ය සේවකයෝ ඔහුව කාර්යාල අඩස්සියේ පැය 07කට ආසන්න කාලයක් රඳවා තබාගැනීමටද කටයුතු කරනු ලැබිණි. ඉන්පසු දිගින් දිගටම ඔහු ඉතා මර්දනකාරී වැඩපිළිවෙලක් සෞඛ්‍ය වෘත්තීය සමිතිවලට විරුද්ධව ගෙනයනු ලැබිණි.

මෙවැනි පුද්ගලයන් රනිල් සමඟ එකතුවීම සම්බන්ධ කිසිදු පුදුමයක් නැත්තේ මෙවැනි දේශපාලන හෙන්චයියන්ගේ පැවැත්ම ඇත්තේ බලය සමඟ ගැට ගැසීමෙනි. ඔවුන්ට තමන් සහය දෙන්නේ කාටද යන්න වැදගත් නොවේ. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් ඕනෑම කුණු ගොඩක් ළඟට යාමට ඕනෑම ජඩ වැඩක් කිරීමට මොවුන් සූදානම්ය. රනිල්ලා රාජපක්ෂලා මෙය හොදින් දනියි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...