තවත් වෛද්‍යවරු 5000ක් රට හැර යන්න සූදානම්

මෙරට රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් 5000 ක් විදේශයන්හි වෛද්‍ය වෘත්තියේ නිරත වීම සඳහා අවශ්‍ය විභාග සමත්වී ඇති බවත් එය සෞඛ්‍ය අමාත්‍යාංශයට බරපතළ ගැටළුවක් වී තිබේ.

මේ වනවිට රජයේ රෝහල්වල සේවය කරන්නේ වෛද්‍යවරුන් 20,000 ක් බවත් ඉන් 5000 ක් විදෙස්ගත වුවහොත් සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති.

තවද එක්සත් රාජධානියේ වෛද්‍ය වෘත්තියේ නිරතවීම සඳහා සුදුසුකම් ලබා ගැනීම සඳහා සමත් විය යුතු විභාගයට මෙවර ඉදිරිපත් වූ අපේක්ෂකයන් 3500 න් 750 ක් ශ්‍රී ලාංකිකයන් බවත් ඉන් 550 ක් විභාගය සමත් වී ඇති බවත් ආරංචි මාර්ග පවසා තිබෙනවා.

මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසා ඇත්තේ මෙම ගැටළුවට මුහුණදීම සඳහා තවත් සීමාවාසික වෛද්‍යවරුන් පත් කිරීමට සැලැසුම් කර ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම පාලනය කළ නොහැකි කරුණක් බවයි.

මේ අතර වෛද්‍යවරුන් විදේශගත වීම නැවත්වීම සඳහා වැටුප් පද්ධතිය සංශෝධනය කරන ලෙසත් ඔවුන්ට මූල්‍ය දීමනා ලබා දෙන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ රජයට යෝජනා කර තිබෙනවා.

නමුත් එම යෝජනාවට රජය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවද වාර්තා වනවා.

එයට ප්‍රතිචාර දක්වමින් අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවැසුවේ ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩ එමින් පවතින මෙම අවස්ථාවේ වෛද්‍යවරුන්ගේ වැටුප් වැඩි කිරීම සහ ඔවුන්ට මුල්‍ය දීමනා ලබා දීම අපහසු කරුණක් බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...