නොගෙවූ සුරාබදු බිලියන 6ක් අයකර ගන්න වසර 15ක සිට නඩු

සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් නිෂ්පාදකයන්ගෙන් 2023 දී අයවිය යුතු හිඟ බදු රුපියල් බිලියන හතයි දශම දෙකෙන් (7.2) බිලියන 06ක් පමණ අයකර ගැනීමට වසර 15ක පමණ කාලයක සිට නඩු කියන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි පවසනවා.

එසේ අයවිය යුතු මුදල්වලින් 2024 වර්ෂයේ මත්පැන් නිෂ්පාදකයන් යම් මුදල් ප්‍රමාණයක් ගෙවීම නිසා ගෙවීමට ඇත්තේ (අධිකරණවල නඩු පවතින ඒවා සමග) බිලියන හයයි දශම හතක් (6.7) බව පැවසෙනවා.

2023 වර්ෂයට පමණක් සුරාබදු දෙපාර්තමේන්තුවට නිෂ්පාදකයින් බදු වශයෙන් රුපියල් බිලියන එකක් ගෙවීමට තිබූ බවත් ඉන් මිලියන 507 ක් ගෙවා තිබෙන බවත් ඉතිරි මුදල් මේ වසරේ නොවැම්බර් වනවිට ගෙවා දැමීමට එම සමාගම එකඟ වී ඇති බවත් සඳහන් කළා.

2024 වර්ෂයේදී සුරාබදු ආදායම රුපියල් බිලියන 105 ක් අපේක්ෂා කළ බවත් මාස හයක් ගතවී ඇති මේ මොහොත වන විට ඉන් බිලියන 88 ක් අයකර ගෙන තිබෙන බවත් ඔහු පැවසුවා.

මෙය 2023 වර්ෂයේ මාස 06 හා සංසන්දනය කර බැලීමේදී සියයට 24ක ආදායමේ වැඩිවීමක් බවද සුරාබදු කොමසාරිස් තවදුරටත් පවසා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...