වතු වැටුප් තවමත් නැහැ

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරමින් පසුගියදා කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවා අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට අභියාචනාධිකරණය විසින් දී ඇති තීන්දුවට එරෙහිව වතු සමාගම් විසින් ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකාබලා තිබෙනවා.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු සමාගම් 21 ක් විසින් අභියාචනයකින් ඉදිරිපත් කර තිබු මෙම පෙත්සම් ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පසුගියදා (28) දිනයේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් දේශන ඉදිරිපත් කිරීම සිදු කෙරුණු බවට වාර්තා වනවා.

අනතුරුව වැඩිදුර කරුණු සලකා බැලීම ලබන මස 4 වනදා දක්වා කල් දමා තිබෙනවා.

පෙත්සම්කාර සමාගම් කියා සිටින්නේ වතුකම්කරුවන්ගේ වැටුප් වැඩි කරන ලෙස නියම කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් ඉකුත්දා ගැසට් නිවේදනයක් නිකුත් කළ බවයි.

එම ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා තමන් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළ බැවින් එය විභාගයට ගැනීමට තීන්දු කළ අභියාචනාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයන් නිකුත් නොකිරීමට තීරණය කළ බව පෙත්සම්රුවන් සඳහන් කළා.

එම තීරණය නීතිවිරෝධී බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා වතු සමාගම් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...