රනිල්ට සහය දෙන්න කප්පම් අරගෙන?

රනිල් පොහොට්ටු සන්ධාන ආණ්ඩුවට සහයෝගය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරු 19 දෙනෙකු මාසිකව රුපියල් ලක්ෂ 2 බැගින් කප්පම් ලබා ගැනීම පිළිබඳව මේ වනවිට දැඩි ආන්දෝලනයක් දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවී තිබේ.

මේ පිළිබඳව ලංකාදීප පුවත්පත හෙළිකර තිබූ අතර ඉන් පසුව විශාල පිරිසකගේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබේ. සමාජ මාධ්‍ය ඇතුළු විකල්ප ක්‍රියාකාරිකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ විශාල අවධානයක් එම ප්‍රවෘත්තියට ලැබී තිබේ. ඒ පිළිබඳ නීතිමය ක්ෂේත්‍රයෙන් අදහස් දක්වන පිරිස් අවධාරණය කර තිබෙන්නේ ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට අදාළ මුදල් රුපියල් ලක්ෂ 2 බැගින් මාසිකව කප්පම් ගෙවූ පුද්ගලයා මෙන් ම, එම කප්පම් ලබා ගත් මන්ත්‍රීවරු ද වහාම හෙළිදරව් කර නීතිය ඉදිරියට පැමිණිය යුතු බව ය.

එම ප්‍රවෘත්තියෙන් හෙළි කරන විශේෂත්වය වී තිබෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම බලය ආරක්ෂා කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව කප්පම් ලබාදීම පිළිබඳව ආනාවරණය කිරීම ය. එසේම ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ඕනෑම මන්ත්‍රීවරයෙක් කෝටි ගණනකට විකිනීමට ඇති හැකියාවද මේ අනුව පැහැදිලි වෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...