රනිල්ට සහය දෙන්න කප්පම් අරගෙන?

රනිල් පොහොට්ටු සන්ධාන ආණ්ඩුවට සහයෝගය දීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් දෙදෙනෙකු සහ මන්ත්‍රීවරු 19 දෙනෙකු මාසිකව රුපියල් ලක්ෂ 2 බැගින් කප්පම් ලබා ගැනීම පිළිබඳව මේ වනවිට දැඩි ආන්දෝලනයක් දේශපාලන ක්ෂේත්‍රයේ ඇතිවී තිබේ.

මේ පිළිබඳව ලංකාදීප පුවත්පත හෙළිකර තිබූ අතර ඉන් පසුව විශාල පිරිසකගේ අවධානය ඒ කෙරෙහි යොමු වී තිබේ. සමාජ මාධ්‍ය ඇතුළු විකල්ප ක්‍රියාකාරිකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ විශාල අවධානයක් එම ප්‍රවෘත්තියට ලැබී තිබේ. ඒ පිළිබඳ නීතිමය ක්ෂේත්‍රයෙන් අදහස් දක්වන පිරිස් අවධාරණය කර තිබෙන්නේ ප්‍රවෘත්තියේ සඳහන් ආකාරයට අදාළ මුදල් රුපියල් ලක්ෂ 2 බැගින් මාසිකව කප්පම් ගෙවූ පුද්ගලයා මෙන් ම, එම කප්පම් ලබා ගත් මන්ත්‍රීවරු ද වහාම හෙළිදරව් කර නීතිය ඉදිරියට පැමිණිය යුතු බව ය.

එම ප්‍රවෘත්තියෙන් හෙළි කරන විශේෂත්වය වී තිබෙන්නේ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තම බලය ආරක්ෂා කර ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට අඛණ්ඩව කප්පම් ලබාදීම පිළිබඳව ආනාවරණය කිරීම ය. එසේම ඉදිරියේ පැවැත්වෙන මැතිවරණයකදී ඕනෑම මන්ත්‍රීවරයෙක් කෝටි ගණනකට විකිනීමට ඇති හැකියාවද මේ අනුව පැහැදිලි වෙයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...