IMF ණය බිලියන 2.9යි, පොලිය බිලියන 1.9 යි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා ඩොලර් බිලියන 2.9ක ණය මුදලට පොළිය ලෙස ඩොලර් බිලියන 1.9ක් ගෙවීමට සිදුවන බව දුමින්ද නාගමුව පවසයි. ඊයේ කොළඹදී කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

”රටේ සමස්ථ ණය ඩොලර් බිලියන 100ට වඩා වැඩිවෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්න ණයවල පොළී ප්‍රතිශතය සියයට 6.5ක්.

ආණ්ඩුව , මහ බැංකු අධිපතිවරයා ආර්ථික විශ්ලේෂකයන් හෙළිකරේ නැහැ අපි ගෙවිය යුතු පොළිය ගැන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙවර ලබාගත් ණයවලට අප තව වසර 10ක් පොලී ගෙවිය යුතුයි. එය ගණන් හදලා බැලීමේදී අප ගන්න ඩොලර් බිලියන 2.9ට නැවත පොළිය ලෙස පමණක් ඩොලර් බිලියන 1.9ක් ගෙවන්න ඕනා. ගිනි පොළියක් තමා දෙන්නේ. අපි මීට පෙර ගත්ත බහු පාර්ශවිය ණය දීලා තියෙන්නේ සියයට 1ක් 2ක් වගේ පොළියකට. මූල්‍ය අරමුදලෙන් ණය දීලා තියෙන්නේ ගිනිකන පොළියකට.”

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...