IMF ණය බිලියන 2.9යි, පොලිය බිලියන 1.9 යි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්නා ඩොලර් බිලියන 2.9ක ණය මුදලට පොළිය ලෙස ඩොලර් බිලියන 1.9ක් ගෙවීමට සිදුවන බව දුමින්ද නාගමුව පවසයි. ඊයේ කොළඹදී කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

”රටේ සමස්ථ ණය ඩොලර් බිලියන 100ට වඩා වැඩිවෙලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාගන්න ණයවල පොළී ප්‍රතිශතය සියයට 6.5ක්.

ආණ්ඩුව , මහ බැංකු අධිපතිවරයා ආර්ථික විශ්ලේෂකයන් හෙළිකරේ නැහැ අපි ගෙවිය යුතු පොළිය ගැන. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙවර ලබාගත් ණයවලට අප තව වසර 10ක් පොලී ගෙවිය යුතුයි. එය ගණන් හදලා බැලීමේදී අප ගන්න ඩොලර් බිලියන 2.9ට නැවත පොළිය ලෙස පමණක් ඩොලර් බිලියන 1.9ක් ගෙවන්න ඕනා. ගිනි පොළියක් තමා දෙන්නේ. අපි මීට පෙර ගත්ත බහු පාර්ශවිය ණය දීලා තියෙන්නේ සියයට 1ක් 2ක් වගේ පොළියකට. මූල්‍ය අරමුදලෙන් ණය දීලා තියෙන්නේ ගිනිකන පොළියකට.”

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...