මැලේසියාවේදී රැකියා ස්ථානයේ අනතුරකින් මියගිය තරුණයෙකුගේ මළ සිරුර ලංකාවට

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ නිවසට රැගෙන ආ බව මස්කෙළිය පොලීසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ, රාජ්කුමාර් ඩේවිඩ්සන් නැමති (24) හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මෙම තරුණයා දැනට වසර එක හමාරකට පමණ ප්‍රථම මැලේසියාවේ රැකියාවකට ගොස් ඇත.

එහිදී ඔහු අවන් හලක සේවය කරමින් සිටියදී ලිස්සා වැටීමට ගිය අවස්ථාවේ උණුවතුර සහිත බොයිලේරුවක අත ගැටි ඔහුගේ ඇඟ මතට එම බොයිලේරුවේ උණුවතුර වැටීමෙන් බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබේ.

ශරීරයේ වැඩි කොටසක් උණුවතුරට පිලිස්සීයාම නිසා බරපතල තුවාල සහිතව මැලේසියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් පසුවෙද්දී මිය ගොස් ඇති බව මරණකරුගේ ඥාතීහූ පැවසූහ.

මිය ගිය අයගේ අවසන් කටයුතු අද (12) බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටින්හෑම් කොටසේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...