විදෙස්ගත ශ්‍රමිකයන් වසර 2කදී ඩො. බි. 10 ඉක්මවා විදේශ විනියම එවලා

විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා තිබෙන අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවා තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ දත්ත අනාවරණය කර තිබේ.

විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස හතර තුළදී එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස හතර සමග සන්සන්දනය කර බලන විට එය සියයට 11.4කින් ඉහළ යාමකි.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විටදී මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රටට ලැබුණ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 19.7කින් ඉහළයාමක් බව පැවසෙනවා.

වසර දෙකක කාලයකදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 10,807ක මුදලක් වේ.

ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 05ක් පමණ වන බව පදුගියද මහ බැංකුව නිවේදනය කර තිබුණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ ඒ සඳහා විශාල වශයෙන් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ දායක වී ඇති බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...