විදෙස්ගත ශ්‍රමිකයන් වසර 2කදී ඩො. බි. 10 ඉක්මවා විදේශ විනියම එවලා

විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේදී මුල් මාස හතර තුළදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 2.079ක මුදල් එවා තිබෙන අතර අප්‍රේල් මාසයේදී පමණක් ඩොලර් මිලියන 543.8ක් එවා තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ දත්ත අනාවරණය කර තිබේ.

විදේශ ගත ශ්‍රමිකයින් මේ වසරේ මුල් මාස හතර තුළදී එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය පසුගිය වසරේ මුල් මාස හතර සමග සන්සන්දනය කර බලන විට එය සියයට 11.4කින් ඉහළ යාමකි.

එය පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සන්සන්දනය කර බලන විටදී මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රටට ලැබුණ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 19.7කින් ඉහළයාමක් බව පැවසෙනවා.

වසර දෙකක කාලයකදී විදේශ ගත ශ්‍රමිකයින් මෙරටට එවූ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 10,807ක මුදලක් වේ.

ලංකාවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 05ක් පමණ වන බව පදුගියද මහ බැංකුව නිවේදනය කර තිබුණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පෙන්වා දෙන්නේ ඒ සඳහා විශාල වශයෙන් විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ දායක වී ඇති බවයි.

Share post:

Popular

More like this
Related

හොරු ඇල්ලීම පමණක් ප්‍රමාණවත්ද?

එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවකට අදාළව රුපියල්...

ජනාධිපති ලේකම්ගෙන් බදු ගැන අමුතු කතාවක්

ලංකාවේ උපයන විට ගෙවීමේ බද්ද (Payable tax when earned)...

පාදුක්ක සිදුවීම ගැන පොලීසියෙන් ‘බබා පාට්’

පාදුක්ක ප්‍රදේශයේදී නිල අංක තහඩුව සවි කර නොතිබූ අලුතින්...

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට අද(04) ගෙන තිබේ. හිටපු අමාත්‍ය...