Breaking News

ජනාධිපතිවරණයට කලින් මහ මැතිවරණය තියයිද?

සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමඟ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් පළමුව පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බවට වන අදහසක සිටින බව ඩේලි මිරර් වෙබ් අඩවිය පවසයි.

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණය පැවැත්විය යුතු බවට තම පක්ෂයේ ස්ථාවරය බව බැසිල් රාජපක්ෂ පවසා තිබුණි.

ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අමතරව, විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක් සමගි ජන බලවේගයේ (SJB) සැලකිය යුතු සංඛ්‍යාවක් මහ මැතිවරණයකට කැමැත්ත පළකර ඇතැයි වාර්තා වේ.

මෙවන් පසුබිමක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතු බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට ඒත්තු ගැන්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ දරා ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිසමට අනුව 2025 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන අතර ජනාධිපතිවරණය මේ වසරේ පැවැත්විය යුතුය. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව විසුරුවා හැර හදිසි මහ මැතිවරණයක් කැඳවීමේ බලය රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයාට පැවරී ඇත. .

එසේ වුවද, ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකට මග පාදා දෙමින් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කිසිසේත්ම සිදුවිය නොහැකි බව තතුදත් ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මේ අතර ඩේලි මිරර් වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ ප්‍රධානී ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේ ජුලි අග සිට අගෝස්තු මුල දක්වා කාලය තුළ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරන බවයි.

තවද, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන සහ 1981 අංක l5 ජනාධිපතිවරණ පනතේ ප්‍රකාරව නියමිත කාල සීමාව තුළ නාමයෝජනා කැඳවනු ලැබේ.

leave a reply