බිල් නොගෙවූ දස ලක්ෂයකගේ විදුලිය කපලා

විදුලි බිල ගෙවීමට නොහැකි වීම නිසා විදුලි පාරිභෝගිකයන් දසලක්ෂ හැට හතරදහස් හාරසියයකගේ විදුලිය විසන්ධි කර ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා පවසනවා.

කාංචන විජේසේකර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

ඔහු මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

වැට් බදු වැඩිවීමටත් පෙර විදුලි බිල සියයට 400න් පමණ වැඩිවී තිබූ අතර දැන් තවත් වැඩිවීමේ අවදානමක් පවතියි. එයට හේතුව තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය දේවල්වල මිල වැඩිවීමයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ විදුලි බිල අඩුකරන බවට බොරු පොරොන්දු ලබාදීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...