අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ගිණි ගණන්

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

ඒ අනුව පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, ආනයනික තිරිඟු පිටි, ටින් මාළු සහ කිරී සම්බා සහ සම්බා සහල් මිල තව දුරටත් ඉහළ ගොස් ඇත.

වැට් බද්ද ඉහළ දැමීමට පෙර රුපියල් 300 ක සිල්ලර මිලක පැවැති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 350 ත් 400 ත් අතර මුදකට අළෙවි කරන බවත් රුපියල් 290 කක්ව පැවැති සුදු සීනි කිලෝවක මිල රුපියල් 325 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රුපියල් 260 ක සහ රුපියල් 230 ක උපරිම මිලක් නියමක කර ඇති කීරි සම්බා සහ සම්බා සහල් දැඩි හිඟයක් මේ වන විට වෙළෙඳපොලේ පවති බව කියන පාරිභෝගිකයෝ ඇතැම් වෙළෙඳසැල් තොග සඟවාගෙන කීරි සම්මා කිලෝවක් රුපියල් 300 කට අධික මිලකට සහ සම්බා කිලෝවක් රුපියල් 250 කට අධික මිලකට අළෙවි කරන බව ද සඳහන් වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...