අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ගිණි ගණන්

වැට් බද්ද ඉහළ දැමීමත් සමඟ බොහෝ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ චෝදනා කරති.

ඒ අනුව පරිප්පු, සීනි, අල, ලූණු, කරවල, ආනයනික තිරිඟු පිටි, ටින් මාළු සහ කිරී සම්බා සහ සම්බා සහල් මිල තව දුරටත් ඉහළ ගොස් ඇත.

වැට් බද්ද ඉහළ දැමීමට පෙර රුපියල් 300 ක සිල්ලර මිලක පැවැති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 350 ත් 400 ත් අතර මුදකට අළෙවි කරන බවත් රුපියල් 290 කක්ව පැවැති සුදු සීනි කිලෝවක මිල රුපියල් 325 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

රුපියල් 260 ක සහ රුපියල් 230 ක උපරිම මිලක් නියමක කර ඇති කීරි සම්බා සහ සම්බා සහල් දැඩි හිඟයක් මේ වන විට වෙළෙඳපොලේ පවති බව කියන පාරිභෝගිකයෝ ඇතැම් වෙළෙඳසැල් තොග සඟවාගෙන කීරි සම්මා කිලෝවක් රුපියල් 300 කට අධික මිලකට සහ සම්බා කිලෝවක් රුපියල් 250 කට අධික මිලකට අළෙවි කරන බව ද සඳහන් වේ.

 

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...