ලසන්ත මරා දමා වසර 15ක් – ඝාතනයට යුක්තිය ලබාදෙන්න පොරොන්දු වූ අය?

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15 ක් සම්පූර්ණ වී තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 15 ක් ගතවුවද තවමත් ඔහුගේ ඝාතකයන් නිදැල්ලේ සිටින බවත් ඝාතනය පිළිබදව විමර්ශන භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා රට හැර ගොස් ඇති බවත් ඔහුගේ ඥාතීන් පවසා තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන ප්‍රදේශයේදී වෙබි තබා ඝාතනය කර තිබුණි. එම ඝාතනය ගැන චෝදනාව එවක රාජපක්ෂ පාලනය වෙත එල්ල විය. ඉන්පසු 2015 වසරේ රනිල් – මෛත්‍රී ආණ්ඩුව බලයට පත්වූවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බව පවසමිනි. දැන් නැවතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටියදී පවා එම පොරොන්දුව ඉටුකිරීමට ඔහු කිසිදු උත්සාහයක් ගෙන නැත.

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...