ලසන්ත මරා දමා වසර 15ක් – ඝාතනයට යුක්තිය ලබාදෙන්න පොරොන්දු වූ අය?

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15 ක් සම්පූර්ණ වී තිබේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කර වසර 15 ක් ගතවුවද තවමත් ඔහුගේ ඝාතකයන් නිදැල්ලේ සිටින බවත් ඝාතනය පිළිබදව විමර්ශන භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා රට හැර ගොස් ඇති බවත් ඔහුගේ ඥාතීන් පවසා තිබේ.

ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන ප්‍රදේශයේදී වෙබි තබා ඝාතනය කර තිබුණි. එම ඝාතනය ගැන චෝදනාව එවක රාජපක්ෂ පාලනය වෙත එල්ල විය. ඉන්පසු 2015 වසරේ රනිල් – මෛත්‍රී ආණ්ඩුව බලයට පත්වූවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරන බව පවසමිනි. දැන් නැවතත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වී සිටියදී පවා එම පොරොන්දුව ඉටුකිරීමට ඔහු කිසිදු උත්සාහයක් ගෙන නැත.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...