නඩු තියෙන දේශබන්දු පොලිස්පති උනේ කොහොමද – නීතිඥ සංගම්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව නඩු ගණනාවක් විභාග වෙමින් තිබියදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නීති උපදේශක කණ්ඩායමක් වන ‘නීතිඥ සාමූහිකය’ කනස්සල්ල පළකර තිබෙනවා.

හිටපු හමුදා සෙබළෙකුට වධහිංසා පැමිණවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදුන්නේ කෙසේදැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරයාද වන ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය විසින් විමසා සිටියා.

වැඩබලන පොලිස්පති තෙන්නකෝන් එම තනතුරට පත්කිරීමේදී ඔහුට නඩු කිහිපයක් තිබූ බවත්, ඔහුට තවදුරටත් මහජන විශ්වාසයක් නොමැති බවත්, පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපුල් ජයසූරිය මහතා ප්‍රකාශ කළා.

දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පිරිස වසර ගණනාවකට පෙර පුද්ගලයෙකුට වධහිංසා පැමිණවීමේ චෝදනාවට වරදකරුවන් වූ බැවින්, ඔවුන්ට එරෙහිව වධහිංසා පනත යටතේ චෝදනා ගොනුකිරීම නීතිපතිවරයාගේ වගකීම බවද ඔහු අවධාරණය කළා.

නීතීඥ එකමුතුව විසින් පසුගිය සෙනසුරාදා (16) කොළඹදී සංවිධානය කරන ලද ජනමාධ්‍ය සාකච්ඡාවකදී උපුල් ජයසූරිය මෙම අදහස් පළකළා.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...