මේ වසරේ මැතිවරණ නැහැ – බන්දුල ගුණවර්ධන

මෙම වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවට තමා විශ්වාස කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද(13) පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ජනාධිපතිවරණයක් මෙම වසරේ පවත්වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාර්ග සකස් කිරීමට හෝ රජයට මුදල් නොමැති බවයි.

රට ස්ථාවර කිරීමෙන් අනතුරුව, මාර්ග, පාලම් සහ බෝක්කු පිළිසකර කිරීමට තරම්වත් මුදල් සොයාගැනීමෙන් පසුව මැතිවරණ පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

නිසි කාලයට මැතිවරණ පැවැත්වීමට රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...