මේ වසරේ මැතිවරණ නැහැ – බන්දුල ගුණවර්ධන

මෙම වසරේ කිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් නොමැති බවට තමා විශ්වාස කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

ඒ ජනමාධ්‍ය අමාත්‍යංශයේ අද(13) පැවැත්වෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

ජනාධිපතිවරණයක් මෙම වසරේ පවත්වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මාර්ග සකස් කිරීමට හෝ රජයට මුදල් නොමැති බවයි.

රට ස්ථාවර කිරීමෙන් අනතුරුව, මාර්ග, පාලම් සහ බෝක්කු පිළිසකර කිරීමට තරම්වත් මුදල් සොයාගැනීමෙන් පසුව මැතිවරණ පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළා.

නිසි කාලයට මැතිවරණ පැවැත්වීමට රජය කටයුතු කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...

ගෙදර වගකීම් කාන්තාවන්ගේ රැකියා අයිතිය අහිමි කරලා

මෙරට කාන්තාවන්ගෙන් ලක්ෂ 61.8 ක් රැකියාවක් නොකරන බවත් ඉන්...

අනුරගේ ආර්ථිකයයි රටේ ජනතාවගෙ ආර්ථිකයයි

ශ්‍රී ලංකා ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වයේ මාවතට පිවිස...

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...