කඳුළු ගෑස් ප්‍රහාරයෙන් පසු විශ්වවිද්‍යාල ආරක්ෂක නිලධාරියා මිය යාමට හේතුව හිසේ අභ්‍යන්තර රුධිර වහනයක් ?

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසියෙන් එල්ල කළ බරපතළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී තිබේ.

පසුගිය 07දා මෙම සිදුවීම සිදු විය. ඉන්පසු විශ්වවිද්‍යාලයේ වැසිකිළියක් තුළ වැටීසිටියදී මෙම ආරක්ෂක නිලධාරියාගේ සිරුර හමුවී තිබිණි. මෙය හර්දයාබාධයක් නිසා සිදු වූ මරණයක් බවට මුලදී සැක කෙරුණද, මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ ඇදවැටීමේදී හිස බීම වැදීම නිසා අභ්‍යන්තර රුධිර වහනයක් සිදු වී ඇති බවත්, එය මරණයට හේතු වී ඇති බවත් ය.

කෙසේ වෙතත් වැඩිදුර පරීක්ෂණ තවමත් අවසන් නැති බවත්, ශරීරයේ කොටස් කිහිපයක් ලබාගෙන ඇති බවත් වාර්තා වේ.

‘නීති පීඨයේදී ඔහු ඉතා දැඩි ලෙස කඳුළු ගෑස් ප්‍රහාරයට ලක්වුණා. ඔහුගෙන් වතුර ඕනෙද කියලා ඇහුවම ඕනෙ නෑ කියමින් ටොයිලට් එකට ගියා. ඔහු අනුරාධපුරයේ පදිංචි මැදි වියේ කෙනෙක්. ටොයිලට් එකේදි එම නිලධාරියා මිය ගිහින් තිබුණා.’

කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක අප කළ විමසීමකදී එසේ පැවසීය.

අනුරාධපුර, නොච්චියාගම, කඳු වැව පාරේ පදිංචිව සිටි ප්‍රියන්ත වන්නිනායක නම් මෙම ආරක්ෂක නිලධාරියාගේ වයස අවුරුදු 56කි.

විරෝධතා මර්දනය කිරීම සඳහා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලට සෘජු ව නිරාවරණය වූ තිදෙනෙකු ආසන්න කාලය තුළ මියගොස් තිබේ. ඒ අතරින් පසුගිය 26දා එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු මියගිය පුද්ගලයාගේ මරණයට හේතුව ලෙස දැක්වුණේ හර්දයාබාධයකි.

එහෙත් සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වාදෙන්නේ මරණයට හේතුව වෙනස් වුවද, ඒ සඳහා කඳුළු ගෑස්වල බලපෑම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පැවැත්විය යුතු බවයි.

Thetime.lk

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...