Breaking News

ලූලා ඉස් බැක්

බ්‍රසීලයේ ලූලා ද සිල්වා එරට නව ජනාධිපතිවරයා ලෙස තෙවන වරට අද(01) දිවුරුම් දෙනු ඇති බව වාර්තා වේ. ඔහු මීට පෙර 2003 වසරේ සිට 2010 වසර අතර කාලයේ ජනාධිපති ධූරයේ කටයුතු කරනු ලැබුවා.

පසුගිය ඔක්තෝම්බර් මස පැවැත් ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ පරාජයට පත් කරමින් 50.9% ඡනාද ප්‍රතිශතයක් ලබා ගනිමින් ඔහු මෙලෙස නව ජනාධිපති වශයෙන් බහුතර එකඟතාව මත තේරී පත් විය. ඒ වෙනුවෙන් ඔහුගේ පාරිසරික ප්‍රතිපත්තිය ඉවහල් වූ අතර ලෝකයට හුස්ම සපයන පෙනහැල්ල ලෙස සැලකෙන ඇමසන් ආරක්ෂා කිරීමට ලූලා පෙරට ඒම ඔහුගේ ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් විය.

සමාරම්භක උත්සවය සඳහා 300,000 කට අධික ජනතාවක් අගනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය රටේ අගනුවරදී ආරම්භ වේ.

පසුගිය සිකුරාදා දින බොල්සනාරෝ ෆ්ලෙරීඩාවට පියාසර කළ අතර එහිදී ඔහු දිගින් දිගටම ප්‍රකාශ කර තිබුණේ ලූලාට ජනාධිපති නිල ඇඳුම පිළිගැන්වීමට තමා අතමැති බවයි. බොල්සනාරෝගේ දක්ෂිණාංශික ආධාරකරුවන් බ්‍රසීල අගනගරයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් කිහිපයක් සංවිධානය කර තිබූ නමුත් ලූලාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් අගනුවර ගිනිඅවි තාවකාලිකව තහනම් කරමින් 8000ක පමණ ආරක්ෂක බලකායක් යොදවා ඇත.

බ්‍රසීලයේ පසුගිය අගෝස්තු මාසයේදී පොලී අනුපාත සියයට 13.75 දක්වා ඉහළ නැංවූ අතර මේ වන විට උද්ධමනය සියයට 6 ක මට්ටමක පවතී. එලඹෙන ගෝලීය අවපාතයක් පිලිබඳ කනස්සල්ල භාණ්ඩ වෙලඳපොලවල් යටපත් කිරීමට පටන් ගෙන ඇති ආකාරයටම, ඉහළ ණය ගැනීමේ පිරිවැය ආයෝජන සහ පරිභෝජනය සීමා කරමින් ඇත.

බ්‍රසීලයේ ප්‍රධාන අපනයනවල (සෝයා බෝංචි, තෙල් සහ යපස්) මිල ලබන වසරේ පහත වැටෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. අද රට අධික ණය බර ඉහළ පොලී බරක් දරයි, එය අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා වැනි දේ සඳහා රාජ්‍ය වියදම් සීමා කර ඇත.

leave a reply