IMF සහ මහ බැංකුව තකට තක

Date:

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය වර්ෂයේ (2025) අගභාගයේ දි ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමිවුවද දැනට පවතින ඉදිරි ආර්ථික දර්ශක අනුව ආර්ථිකයේ ඉහළ ඔරොත්තුදීමේ හැකියාව පෙන්නුම් කරණ බව ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

වාණිජ බැංකු සහ අනිකුත් මුල්‍ය ආයතන මගින් පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය ඉකුත් වර්ෂයේ දි අඛණ්ඩව කැපිපෙනෙන ලෙස ප්‍රසාරණය වී ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ. ඉහළ යමින් පවතින ක්‍රියාකාරකම් සහ වාහන ආනයනය ඉහළයාම මධ්‍යයේ ණය සදහා පවතින ඉල්ලුම ඉහළයාම මේ තුලින් පෙනියන බවද මහබැංකුව පවසයි.

මහා බැංකුව මේ බව පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය සතියේදී නියෝජිතයන් අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය උදෙසා සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව සඳහන් කිරීමෙන් අනතුරුවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපව මුරුංගා අත්තේ තියන්නේ තවදුරටත් අපව එහි වැඩපිළිවෙලේ රඳවා තබා ගැනීමටයි. දැන් පෙනෙන්නට තිබෙන්නේ මහ බැංකුවත් එයට මුක්කු ගසමින් සිටින බවයි. මහ බැංකුව දිගින් දිගටම කටයුතු කරනු ලැබුවේ රටේ ජනතාව නියෝජනය කරන්නක් ලෙස නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු ලෙසයි.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...