IMF සහ මහ බැංකුව තකට තක

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය වර්ෂයේ (2025) අගභාගයේ දි ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමිවුවද දැනට පවතින ඉදිරි ආර්ථික දර්ශක අනුව ආර්ථිකයේ ඉහළ ඔරොත්තුදීමේ හැකියාව පෙන්නුම් කරණ බව ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.

වාණිජ බැංකු සහ අනිකුත් මුල්‍ය ආයතන මගින් පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය ඉකුත් වර්ෂයේ දි අඛණ්ඩව කැපිපෙනෙන ලෙස ප්‍රසාරණය වී ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ. ඉහළ යමින් පවතින ක්‍රියාකාරකම් සහ වාහන ආනයනය ඉහළයාම මධ්‍යයේ ණය සදහා පවතින ඉල්ලුම ඉහළයාම මේ තුලින් පෙනියන බවද මහබැංකුව පවසයි.

මහා බැංකුව මේ බව පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පසුගිය සතියේදී නියෝජිතයන් අර්බුදය උත්සන්නව පැවති අවස්ථාවේ සිට මේ දක්වා වර්ධනය උදෙසා සැලකියයුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බව සඳහන් කිරීමෙන් අනතුරුවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපව මුරුංගා අත්තේ තියන්නේ තවදුරටත් අපව එහි වැඩපිළිවෙලේ රඳවා තබා ගැනීමටයි. දැන් පෙනෙන්නට තිබෙන්නේ මහ බැංකුවත් එයට මුක්කු ගසමින් සිටින බවයි. මහ බැංකුව දිගින් දිගටම කටයුතු කරනු ලැබුවේ රටේ ජනතාව නියෝජනය කරන්නක් ලෙස නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු ලෙසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...