එකම පන්තියේ එකම එකම ජීවිත

අනේ .. නෝනා
නොදන්නවා ඇති
කෙල්ලගේ සුදු ගව්මේ විස්තර
පන්තියේ පළවෙනියා නොවුනට
ඔකී ආසයි ඉගෙන ගන්නට

කිතුලේ පැණි ගෙන හකුරු හැදුවට
නෝනේ පැණි නෑ
අපේ ජීවිත
නැගුණු කිතුලෙන් මිනිහා වැටුණම
මිනිය යට කරේ
ගේ උගස්කර
සින්න උන ගේ ඉන්න දුන්නට
තාම බැලමෙහේ
හාමු නිවසට

කුමරු සිදුහත් ඉපිද පසුවට
හත් දොහෙන්
මහමායා මැරුණට
නෝනේ කෙල්ලව උපදිනා විට
හත් දොහේ දානය ද පසුවිය

ඌර්ණ රෝමය
නළලේ නැතුවට
පැළඳි පංචායුදය කඩයට
දුන්නේ ණය පොත හිලව් වෙන්නට
එකී දන්නෑ නෝනේ ඒ බව

චූටි බේබි ව
ඇඳල විසිකළ
පාසලේ සුදු ඇඳුම අරගෙන
ඇන්දුවේ ඉස්කෝලේ යන්නට
නෝනේ දන්නෑ ඒකී ඒ බව

සපත්තුත් නැති
කකුල් දෙක ගැන
කිව්වේ හාමු ගේ උදව් ගන්නට
ඉගෙනගෙන තොපි
මක්කරන්නද
එන්න කියපිය ගෙදර වැඩකට
හාමු කිව්වේ එච්චරයි මට

අම්බපාලිය
නොවුනටත් මම
කියලා මොකටද කාලී අම්මට
විඳින දුක් කඳ මහාමෙරක් ලෙස
දන්නෙ කවුරුද නෝනේ ඒ බව

තුන් දොහක් ගුරුතුමිය හමුවට
එන්න කියලා ඒකි කීවට
එන්න බැරි වුණේ ඒ නිසයි මට
සමාවෙනවද
නෝනේ ඒකට ….

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...