Breaking News

ගල්වැව සිරිධම්ම හිමියන්ට සහ වසන්ත මුදලිගේට ඇප

පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ වසන්ත මුදලිගේ රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

මෙලෙස ඇප නියම වූවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාවක් පිළිබඳව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අද දින කැඳවන නඩුවක් සම්බන්ධයෙනි. වසන්ත මුදලිගේව නැවත රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන යාමට නියමිතය. ඔහු ලබන මස 12වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවති විරෝධතාවක් පිළිබඳව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අද දින කැඳවන නඩුවක් සඳහා අන්තර් විශ්ව බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු සිරිධම්ම හිමි රැඟෙන එන ලදී.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසන්ත මුදලිගේ රඳවාගෙන සිටින ලදී. සිරිධම්ම හිමිට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ පනවා ඇති නඩුවෙන් ඇප ලබාදුන් නමුත් නැවතත් රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවේ වෙනත් නඩු සම්බන්ධයෙන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට ඇති බව පවසමිනි. නමුත් අද පැවති පෙරට්ටුවේදී සිරිධම්ම හිමිව හඳුනා ගැනීමට පොලීසිය අසමත් වූ බවද වාර්තා වේ.

leave a reply