ඉදිරියටත් අරගල කරනවා – ඇප මත නිදහස් වූ සිරිධම්ම හිමි කියයි

වසන්ත මුදලිගේ නිදහස් කරගන්නා තුරු සහ ජනතාවට ජීවත්වීමට සුදුසු වටපිටාවක් හැදෙන තුරු අරගලය ඉදිරියට රැගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි පවසයි. එම හිමියන්ට අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබාදී තිබුණි.

ඇප ලැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිරිධම්ම හිමි පැවසුවේ තමන් නිදහස් වුවත් අරගලය අවසන් නොමැති බවයි.

” පසුගිය කාලයේ මේ රටේ ජනතාව අර්බුදයට මුහුණ දෙන්න බැරුව ඒ අර්බුදවලට විසඳුම් ඉල්ලමින් දැවැන්ත අරගලයක් කරා. අපි ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ඒකට නායකත්ව මැදිහත්වීමක් සිද්ධ කරා. ඒකට ආණ්ඩුවේ පිළිතුර අපිට ලබාදුන්නා. නමුත් මේ අර්බුදය ජනතාවට ඒ විදිහටම තියෙනවා. ඒ අරගලය ඉදිරියටත් අපි අරගෙන යනවා. වසන්ත මුදලිගේ සහෝදරයා නැවත නිදහස් කරගන්නා තුරු වගේම රටේ ඉන්න ජනතාවට ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හැදීම වෙනුවෙන් මේ අරගලය ඉදිරියට රැගෙන යනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

බොරු නඩු පැවරීමේ සිදුවීමකට අදාළව පොලිස්පතිට අධිකරණයට අපහාස කිරීමේ චෝදනා

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති...

නව පනත්වල ප්‍රජාතන්ත්‍රවිරෝධී ස්වරූපය ගැන නීතිඥ සංගමයෙන් නිවේදනයක්

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ...

 ප්‍රංශ වීදි සටන් ඉතිහාසය 

සියවසකට වැඩි කාලයක් තිස්සේ ප්‍රංශ ජාතිකයන් තම අයිතිවාසිකම් ආරක්ෂා...

දකුණේ ගොවීන් සහ ප්‍රවාහන රියදුරන්ගේ අරගලය සඟවන ඉතාලි ආණ්ඩුව

ඔක්තෝම්බර් 16 - 17 ඉතාලියේ මොකද වුනේ ? මිලානෝවල...