ඉදිරියටත් අරගල කරනවා – ඇප මත නිදහස් වූ සිරිධම්ම හිමි කියයි

වසන්ත මුදලිගේ නිදහස් කරගන්නා තුරු සහ ජනතාවට ජීවත්වීමට සුදුසු වටපිටාවක් හැදෙන තුරු අරගලය ඉදිරියට රැගෙන යන බව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි පවසයි. එම හිමියන්ට අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප ලබාදී තිබුණි.

ඇප ලැබීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිරිධම්ම හිමි පැවසුවේ තමන් නිදහස් වුවත් අරගලය අවසන් නොමැති බවයි.

” පසුගිය කාලයේ මේ රටේ ජනතාව අර්බුදයට මුහුණ දෙන්න බැරුව ඒ අර්බුදවලට විසඳුම් ඉල්ලමින් දැවැන්ත අරගලයක් කරා. අපි ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස ඒකට නායකත්ව මැදිහත්වීමක් සිද්ධ කරා. ඒකට ආණ්ඩුවේ පිළිතුර අපිට ලබාදුන්නා. නමුත් මේ අර්බුදය ජනතාවට ඒ විදිහටම තියෙනවා. ඒ අරගලය ඉදිරියටත් අපි අරගෙන යනවා. වසන්ත මුදලිගේ සහෝදරයා නැවත නිදහස් කරගන්නා තුරු වගේම රටේ ඉන්න ජනතාවට ජීවත්වෙන්න පුළුවන් පරිසරයක් හැදීම වෙනුවෙන් මේ අරගලය ඉදිරියට රැගෙන යනවා.”

Share post:

Popular

වෙනත් පුවත්

” ජාවා මුහුදට ඉහළින් සඳ “

" සඳ අපේ යැයි " උන්මන්තක දේශපාලකයෙක් පවසනු ලැබුවේ...

පොඩි පොඩි දේවල් ටිකක් කරල යන්න ලංකාවට ආපු ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා 

දසක තුනකට පමණ පසු ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයෙක් තෙදින නිල...

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...