මාස දෙකක අරගලයකින් පසු ඉරාන සදාචාර පොලීසිය අහෝසි කරයි!

මාස දෙකක අරගලයකින් පසු ඉරාන රජය විසින් එරට ක්‍රියාත්මක වූ සදාචාර පොලීසිය (morality police)අහෝසි කර තිබේ. පොලිස් අත්අඩංගුවේදී මියගිය මාෂා අමිනි නම් තරුණියගේ මරණයත් සමඟ සදාචාර පොලීසියට සහ ඉරානයේ ක්‍රියාත්මකම කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධ නීති වෙනස් කරන ලෙස ඉල්ලමින් රට පුරා විරෝධතා අවිලුනි.

ආගමික උත්සවයකට සහභාගී වෙමින් සිටි ඉරාන නීතිපතිවරයාගෙන් සදාචාර පොලීසිය වසා දමා ඇත්තේ ඇයිදැයි විමසීමේදී ඔහු පවසා ඇත්තේ නීති ක්‍රියාවලියට සදාචාර පොලීසිය අයත් නොවන බවයි.

සදාචාර පොලීසිය 2006 වසරේ ස්ථාපිත කරනු ලැබුවේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට සහ කාන්තාවන්ගේ ඇඳුම් සම්බන්ධව සොයා බැලීමටයි. මෙයට එරෙහිව කාලයෙන් කාලයට ඉරානය තුළ විරෝධතා මතුවිය. නමුත් පසුගිය සැප්තැම්බර් මාසයේ මාෂා අමිනිගේ මරණයෙන් පසු මතුව ආ විරෝධතා ඉතා ප්‍රචණ්ඩ ස්වභාවයක් ගනු ලැබුණි. තරුණ කාන්තාවන්ගේ මූලිකත්වයෙන් දියත්වූ එම විරෝධතාවලදී කොණ්ඩය කපා දමමින් හිජබ් ගිනි තබනු දක්නට ලැබුණි.

මෙහිදී ඉරාන ආණ්ඩුව චෝදනා කරේ මෙම විරෝධතා බටහිර රටවල සහයෝගය සහිතව ක්‍රියාත්මක වන බවයි. බොහෝ විරෝධතාවලට පොලීසිය විසින් වෙඩි තබන ලදී. මෙම වෙඩි තැබීම්වලින් සහ විරෝධතාකරුවන්ගේ ප්‍රහාරවලින් පොලිස් සාමාජිකයන් සහ විරෝධතාකරුවන් 300ක් පමණ මියගොස් ඇති බව ඉරාන බලධාරීන් පවසයි.

නමුත් ඉරානයෙන් පිටත් මානව හිමිකම් සංවිධාන පවසන්නේ විරෝධතා අතරතුර මියගිය ගණන 448ක් බවයි.එසේම දහස් ගණනක් සිරගත කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...