Breaking News

තනියම යන උන් අතර සාමූහිකව යන්නට වෙර දැරූ කවියා

හිල්මි සුපුන් 

25 වන ඉරිදා 2022 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසාන දිනය.ඔය ප්‍රදර්ශනය ඇතුලට මම  පයගහලා නැතත් ඒ  ගැන අවධානයෙන් හිටපු බව ඇත්ත.පොත් ප්‍රදර්ශනය තියෙන කාලෙට රැලි නංවමින් කඩා වැදුන අලුත් පොත් මොනවද කියලා බලන්න සහ ගන්න පුළුවන් පොතක් තියෙනවා නම් අරගන්න තමයි ඒ අවධානය.

කඩදාසි මිල අහස උසට ගිහින් තියෙද්දිත් අලුත් පොත් රාශියක් මේ වසරේ නිකුත් වුන. පොත්  මිල සම්බන්ධයෙන් කතා කරපු වෙලාවක යාළුවෙක් හරි අපූරු කතාවක් කිව්වා.මේ විදිහට කඩදාසි මිල ඉහළ ගියොත් පොත් මිලදී ගන්න වෙන්නෙත් ඉලෙක්ට්‍රොනික් බඩු ගන්නවා වගේ මාසික ගෙවීමේ ක්‍රමයටයි.ඒ කතාව ඇතුලෙ තිබුණෙ අනාගත වියසනය බරපතළ තාවය.

කවි පොතක් රුපියල් හයසීයක් පමණ වෙලා. නවකතා පොතක් රුපියල් දෙදහස් පමණ වෙනවා. යළි මුද්‍රණය කරන පරණ පොත්  තිබුණු  මිලට වඩා හතර පස් ගුණයකින් මිලාධික වෙලා. ඒ  ඔක්කොම ප්‍රශ්න තියෙද්දිත් මිනිස්සු වැල නොකැඩි ආවා . පොත් ගත්තා.

අටවපු සැලසුමක් අනුව අටවපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ඇවිත් සැරිසැරීම දවසක පුවතක් නිර්මාණය කළා.ඒකත් මේ පොත් ප්‍රදර්ශන කාලය ඇතුලත සිද්ධ වෙච්ච ප්‍රචාරකවාදී සිදුවීමක්.ඒ සිදුවීම තුළින් රනිල් වාදීන්ට යම් සහනදායි ආස්වාදයක් විඳ ගැනීමේ  අවස්ථාව ලැබුණා.

ඇත්ත වශයෙන්ම මේ ලිවීමේ ‍ ප්‍රමුඛ අරමුණ ඉහතින් කියපු එකක් වත් නෙවෙයි. මෙතැන් සිට  පහලින්  ලියන කතාවයි .

මේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කාල සීමාව තුළ අපූරු වැඩක් කරපු කෙනෙක් හිටියා.ඔහු ප්‍රියංකරගේ බන්දුල  ජයවීර  කවියායි .කවි පොත් සල්පිල තුළ කවි පොත් තිබුණද නැද්ද නොබලා පොත් රාක්ක වල යටම හිරවී සිටි, සමහරවිට අමතකව ගිය කවි කිවිඳියන් යළි මතක් කර දීමේ ප්‍රචාරක වැඩක් ඔහු කළා.ඔහු කළ ඒ ක්‍රියාව හරහා ,නො පෙනී සිටී, අමතක ව ගිය, සිය ගණනක් කවි කිවිඳියන්ට පාඨක මතකය තුළ යළි සැරිසරන්න අවස්ථාව ලැබුණා.. තරාතිරම නොබලා කවි පොත ද දෙකද එකද කළේ කියලා නො බලා ඔහු ඔහුගේ මතකයට නැඟුණු සියලු දෙනාවම මුහුණු පොතේ ඔහුගේ පිටුව හරහා කරළියට ගෙනාවා.

මේ ගෙවී ගිය කෙටි කාලය තුළ ඔහු විසින් කවි කිවිඳියක් කීදෙනෙක්ව පමණ හඳුන්වාදී තිබේ ද කියා දැන ගන්නට මං ඔහුගේ වෝල් එකට ගිහින් බැලුවත් එය එච්චර ලෙහෙසි  පහසු කාර්යයක් නොවන බව හැඟී ගියේ  අවසානයක් නොමැති  කවි කිවිදි  නාමාවලියක් යටට පෙළගැසෙන බව දුටු හෙයිනි.  වැඩේ ලේසි කරගන්න  හිතලා මම ඔහුගෙන් විමසා සිටියා කවි කිවිදියෝ කීදෙනෙක්ව විතර හඳුන්වා දුන්නද කියලා.  ඔහු ලබා දුන් ඒ පිළිතුර අපි දෙදෙනා අතර පමණක්ම තිබිය යුතු රහසක් නොවෙන නිසා  මට හිතුනා ඒ පිළිතුර මේ සටහනේ රඳවන්න.

මතක නෑ මචෝ! සැරින් සැරේ මතක් වුණා ම UPLOAD  කරනවා ! සමහරු මට මඟ හැරුණු නම් මතක් කරල දුන්නා! තවත් සමහරු  තමන්ගේ නම තවමත් නොගිය නිසා ” ඇයි අපි කවියො නෙමෙයි ද ???” කියලා  INBOX ඇවිත් ඇහුවා ! මේ කිසිවක් නොතකා මං යහපත් යැයි මට සිතෙන දේ කළා මචං ! එච්චරයි !!!

පොතපත පිළිබඳව ඉහළ අවධානයක්  පවතින මේ මොහොතේ  ප්‍රියංකරගේ සහෝදරයා විසින් සිදු කළ එම ප්‍රචාරක කටයුත්ත සමහරවිට  සමහර කවි කිවිඳියන් ට තමන්ගේ පොතක් විකුණා ගැනීමට හෝ ජනතාවගේ අවධානයට ලක් වීමට  අවස්ථාව උදාකර දෙන්න ඇති.  ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කාලසීමාව තුළ පොත් ප්‍රචාරක කටයුතු අතර  සාමූහික සහ විශිෂ්ටම ප්‍රචාරක කටයුත්ත කරනු ලැබුවේ  ප්‍රියංකරගේ බන්දුල ජයවීර කවියා යයි මං මගේ මිම්මෙන් මැන  ගෞරවාදරය පලකරමි.

ඔහු විසින් යලි මතකයට ගෙනත් දුන්  කවි කිවිඳියන් අතර ටිකක්

leave a reply