පිටපත දුර්වල ‘පොලිස්’ නාට්‍ය

ඊයේ දහවල් ගෝල්ෆේස් භූමියෙන් අරගලකරුවන් ඉවත් වීමත් සමඟ එහි පැමිණි පොලීසිය නව සොයාගැනීමක් සිදුකර තිබේ. ඒ ගංජා පැළයක් යයි සිතිය හැකි පැළයක් සහ බෙහෙත් වර්ග කිහිපයකි.

පොලීසිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ ගෝල්ෆේස් භුමියේ සිටි පිරිස් බාවිතා කළ බවට සැකකෙරෙන මත්ද්‍රවය බවට සැකකෙරෙන ද්‍රව්‍ය කිහිපයක්ද සොයාගත් බවයි.

මෙහි ඇති හොඳම විහිලුව නම් පොලීසිය සඳහන් කරන මත්ද්‍රවයවල රාජ්‍ය ලාංඡනයද දක්නට ලැබීමයි. පැහැදිලිව පෙනෙන්නට තිබෙන පරිදි මෙම ද්‍රවය වෙන කිසිවක් නොව විවිධ ලෙඩ රෝග සඳහා ගන්නා රජයේ අනුමත ඖෂධයි.

ගෝල්ෆේස් භූමියේ පැවති කූඩාරම් අරගලකරුවන් විසින් දින කිහිපයක් ගනිමින් ස්වේච්ඡාවෙන් ඉවත්කරගනු ලැබිණි. එසේ තිබියදී තමන් ළඟ මත්ද්‍රවය තිබෙනවා නම් ඒවා දමා යාමේ හදිසි තත්ත්වයක් ඇතිවන්නේ නැත. එසේම සෑම කෙනෙක්ම දන්නා පරිදි ගෝල්ෆේස් අරගල භුමිය වෛද්‍ය කුඩාරම් කිහිපයක් ද තිබුණි.

මෙවැනි ඉතා තර්කානුකුල හේතු තිබියදී පොලීසිය තවදුරටත් නාට්‍ය පෙන්වමින් සිටියි. එහි ඇති විහිළුව නම් නාට්‍යයේ පිටපත සෑම කෙනෙකුටම කලින් තේරීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...

රට පුරා නායයෑම් අධි අවදානම් සහිත ස්ථාන 30,000ක්!

පවතින අධික වර්ෂාපතනය සමඟ මේ වන විට රට පුරා...