පිටපත දුර්වල ‘පොලිස්’ නාට්‍ය

ඊයේ දහවල් ගෝල්ෆේස් භූමියෙන් අරගලකරුවන් ඉවත් වීමත් සමඟ එහි පැමිණි පොලීසිය නව සොයාගැනීමක් සිදුකර තිබේ. ඒ ගංජා පැළයක් යයි සිතිය හැකි පැළයක් සහ බෙහෙත් වර්ග කිහිපයකි.

පොලීසිය මාධ්‍ය වෙත පවසා ඇත්තේ ගෝල්ෆේස් භුමියේ සිටි පිරිස් බාවිතා කළ බවට සැකකෙරෙන මත්ද්‍රවය බවට සැකකෙරෙන ද්‍රව්‍ය කිහිපයක්ද සොයාගත් බවයි.

මෙහි ඇති හොඳම විහිලුව නම් පොලීසිය සඳහන් කරන මත්ද්‍රවයවල රාජ්‍ය ලාංඡනයද දක්නට ලැබීමයි. පැහැදිලිව පෙනෙන්නට තිබෙන පරිදි මෙම ද්‍රවය වෙන කිසිවක් නොව විවිධ ලෙඩ රෝග සඳහා ගන්නා රජයේ අනුමත ඖෂධයි.

ගෝල්ෆේස් භූමියේ පැවති කූඩාරම් අරගලකරුවන් විසින් දින කිහිපයක් ගනිමින් ස්වේච්ඡාවෙන් ඉවත්කරගනු ලැබිණි. එසේ තිබියදී තමන් ළඟ මත්ද්‍රවය තිබෙනවා නම් ඒවා දමා යාමේ හදිසි තත්ත්වයක් ඇතිවන්නේ නැත. එසේම සෑම කෙනෙක්ම දන්නා පරිදි ගෝල්ෆේස් අරගල භුමිය වෛද්‍ය කුඩාරම් කිහිපයක් ද තිබුණි.

මෙවැනි ඉතා තර්කානුකුල හේතු තිබියදී පොලීසිය තවදුරටත් නාට්‍ය පෙන්වමින් සිටියි. එහි ඇති විහිළුව නම් නාට්‍යයේ පිටපත සෑම කෙනෙකුටම කලින් තේරීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...