මර්දනයට පරාජය කළ නොහැකිවූ ස්ටාලින්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඇප නියමවූ ජෝශප් ස්ටාලින් උසාවියේ සිට කෙලින්ම කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වෙමින් තිබූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ උද්ඝෝෂණයකට පැමිණ තිබුණි. එම උද්ගෝෂණය පැවතුනේ දැනට ක්‍රියත්මක අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිවයි.

පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ජෝශෆ් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. ඔහුට අද දිනයේ ඇප ලබාගනු ලැබුවේ මෝසමක් හරහායි. රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් වෙත මර්දනය කැඳවමින් සිටින්නේ ඔවුන් ඇතුළු සමස්ත ජනතාව බියගැන්වීමටයි. නමුත් ජෝශප් ස්ටාලින්ලා වැනි අරගලයේ නියමුවන් විසින් පෙන්නමින් සිටින්නේ රනිල්ගේ මර්දනය හමුවේ ඔවුන් සතු ධෛර්ය බිඳකුදු අඩුව නොමැති බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...