මර්දනයට පරාජය කළ නොහැකිවූ ස්ටාලින්

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.

ඇප නියමවූ ජෝශප් ස්ටාලින් උසාවියේ සිට කෙලින්ම කොළඹ ලිප්ටන් වටරවුමේ පැවැත්වෙමින් තිබූ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයේ උද්ඝෝෂණයකට පැමිණ තිබුණි. එම උද්ගෝෂණය පැවතුනේ දැනට ක්‍රියත්මක අරගලකරුවන් මර්දනය කිරීමට එරෙහිවයි.

පසුගියදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ, කොටුව පොලිස් බලප්‍රදේශය තුළ පිහිටි බැංකු මාවත ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ජෝශෆ් ස්ටාලින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. ඔහුට අද දිනයේ ඇප ලබාගනු ලැබුවේ මෝසමක් හරහායි. රනිල් වික්‍රමසිංහ අරගලකරුවන් වෙත මර්දනය කැඳවමින් සිටින්නේ ඔවුන් ඇතුළු සමස්ත ජනතාව බියගැන්වීමටයි. නමුත් ජෝශප් ස්ටාලින්ලා වැනි අරගලයේ නියමුවන් විසින් පෙන්නමින් සිටින්නේ රනිල්ගේ මර්දනය හමුවේ ඔවුන් සතු ධෛර්ය බිඳකුදු අඩුව නොමැති බවයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...