Breaking News

එළබෙන කාලය රටේ ජනතාවටත් රනිල් රාජපක්ෂ මැර කල්ලියටත් තීරණාත්මක කාලයක් වනු නියතයි.

සමන්සිරි හේරත්

2022 ජූලි මාසයේ 28 වන දා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාර අවසන් කරමින් පාර්ලිමේන්තුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අගෝස්තු මාසේ 3 වන දා පෙරවරු 10.30 ට 9 වන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මේ පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ ඔහුට විධායක ජනාධිපති ධූරයෙන් ලැබෙන බලතල උපයෝගි කරගෙන.

අද මධ්‍යම රාත්‍රියේ සිට බලපවත්වන්නේ ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සියල්ල කළ හැකි කාල පරාසයක්. මේ වන විට පාර්ලිමේන්තුවේ වාර අවසාන කිරීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන මත පළවෙමින් තිබේ.

රනිල් මේ සූදානම් වන්නේ මර්දනය තමන්ගේ අභිමතය පරිදි ඉදිරි සතිය තුළ සිදුකිරීමට ද කියන සැක සහිත පැනය ද සමාජය තුළ සැරි සරන්නට පටන්ගෙන තිබේ. අරගලයේ ප්‍රධාන පෙළ ක්‍රියාකාරිකයින් විවිධ චෝදනා නගමින් අත්අඩංගුවට ගැනීමටත් බලහත්කාරයෙන් තැන් තැන් වල දී පැහැර ගෙන යෑමටත් පටන් ගෙන තිබෙන අතර රනිල්ට එරෙහිව ගොඩනැගෙන විරෝධය විවිධ උපක්‍රම යොදමින් ආවරණය කරගනිමින් රනිල් මේ සූදානම් වන්නේ මාමාගේ ක්‍රියාවලිය අත්හදා බලන්නට ද? අපට ප්‍රශ්න කළ හැකි.

රාජපක්ෂලාගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටින රනිල්ට එරෙහිව රට තුල ගොඩ නැගෙන විරෝධය දිනපතා තීව්‍ර වෙමින් ගෙවී ගිය සතිය තුළ දී තහවුරු වී තිබෙන අතර එය තවදුරටත් වර්ධනය වෙමින් පවතිනවා. දැන් රනිල් බලයෙන් වියරු වී සිටී. පිනට ලබාගත් බලය පවත්වාගෙන යෑම ඔහුගේ අරමුණ බව ඉතාම පැහැදිලියි.

එළබෙන කාලය රටේ ජනතාවටත් රනිල් වික්‍රමසිංහටත් රාජපක්ෂලා ප්‍රමුඛ ඒ මැර කල්ලිය ටත් ඉතාමත් තීරණාත්මක කාලයක් වනු නියතයි.

එහෙයින්ම මේ වංචනිකයන් දූෂිතයන් පලවා හැරීම සඳහා ජනතාව නැවත නැවත අරගලය තුළ ඒකරාශී විය යුතු බව රනිල් මේ අද සිද්ධ කළ ක්‍රියාවෙන් ද තිබේ.

leave a reply