තරිඳු වෙනුවෙන් හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට එන්න

රනිල් ගෝඨාභය ජනතාද්‍රෝහී ආණ්ඩුව ‍ප්‍රමුක අරගල ක්‍රියාකාරිකයින් බොරු චෝදනා මත සිරභාරයට ගෙන තිබෙන අතරම ප්‍රදේශීය වශයෙන් ද විශාල පිරිසක් මේ වන විට අරගලයට සහය දැක්වීම හෝ ඒ වෙනුවෙන් කළ යම් ක්‍රියාමාර්ග නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආණ්ඩුවේ මේ මර්දනකාරී ක්‍රියා පිළිවෙත ඉදිරියට ගෙන යන්නට රටේ නීතිය ආරක්ෂා කරන්න සිටින පොලීසිය දූෂිත දේශපාලකයින් ගේ අතකොළුවක් වී තිබෙන වටපිටාව යටතේ මේ මර්දනය සඳහා ඔවුන්ගේ ද නොමසුරු සහය ලබා දෙමින් පවතින බව සුගිය දිනවල අරගලය ක්‍රියාකාරීන්ට එරෙහිව ගොනුකළ නඩු දෙස බලද්දී අපිට ඒ බව හොඳින් වැටහෙනවා.

මේ මර්දනය අලුත්ම ගොදුර බවට පත්වී සිටින්නේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරයි . ඔහුව එහෙට කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත කැඳවා තිබෙනවා. මෙම කැඳවීමට හේතුව ලෙස දන්වා තිබෙන්නේ ගුවන් හමුදා ඔත්තු අංශය විසින් කළ බව කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීමයි.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට විරෝධය පාමින් අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුවට ඉතුරු ඉන්ධන සමාගම් මිල වැඩිකරන තුරු බලා සිටීමද?

පෞද්ගලික ඉන්ධන සැපයුම් සමාගම් විසින් ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම...

නාමල්ට ජනතාවගේ ආර්ථික බර මතක් වෙලා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබෙන ණය වාරිකයකට වඩා වැඩි...

2027 අයවැය පාර්ලිමේන්තුවේ සභාගත කෙරේ

2027 වසරට අදාළ විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මුදල් නියෝජ්‍ය...

‘සිරිලිය වංචාව’ – ශිරන්ති රිමාන්ඩ්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර්...