තරිඳු වෙනුවෙන් හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට එන්න

රනිල් ගෝඨාභය ජනතාද්‍රෝහී ආණ්ඩුව ‍ප්‍රමුක අරගල ක්‍රියාකාරිකයින් බොරු චෝදනා මත සිරභාරයට ගෙන තිබෙන අතරම ප්‍රදේශීය වශයෙන් ද විශාල පිරිසක් මේ වන විට අරගලයට සහය දැක්වීම හෝ ඒ වෙනුවෙන් කළ යම් ක්‍රියාමාර්ග නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආණ්ඩුවේ මේ මර්දනකාරී ක්‍රියා පිළිවෙත ඉදිරියට ගෙන යන්නට රටේ නීතිය ආරක්ෂා කරන්න සිටින පොලීසිය දූෂිත දේශපාලකයින් ගේ අතකොළුවක් වී තිබෙන වටපිටාව යටතේ මේ මර්දනය සඳහා ඔවුන්ගේ ද නොමසුරු සහය ලබා දෙමින් පවතින බව සුගිය දිනවල අරගලය ක්‍රියාකාරීන්ට එරෙහිව ගොනුකළ නඩු දෙස බලද්දී අපිට ඒ බව හොඳින් වැටහෙනවා.

මේ මර්දනය අලුත්ම ගොදුර බවට පත්වී සිටින්නේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරයි . ඔහුව එහෙට කොළඹ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත කැඳවා තිබෙනවා. මෙම කැඳවීමට හේතුව ලෙස දන්වා තිබෙන්නේ ගුවන් හමුදා ඔත්තු අංශය විසින් කළ බව කියන පැමිණිල්ලක් සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීමයි.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු සභාපති මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට විරෝධය පාමින් අද කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා.

Share post:

Popular

වෙනත් පුවත්

කතානායකට එරෙහි විශ්වාසභංගයට ආණ්ඩුවෙන් ගැටයක්

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සංශෝධනය කර ලබානොදීම නිසා කථානායක...

උද්ධමනය තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, කොළඹ පාරිභෝගික මිල දර්ශකය...

නව නීති සම්පාදනයේදී පුරවැසි අයිතීන් පිළිබඳව වැඩි අවධානයක් යොමුකල යුතුය.

පැෆ්රල් සංවිධානය ජනාධිපතිතුමා වෙත යොමුකරන ලිපිය අතිගරු ජනාධිපතිතුමාජනාධිපති ලේකම් කාර්යාලය,ගාලු‍...

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...