යුක්තිය නොලබාම මියගිය සෙල්වරාණි අම්මා

බලහත්කාරයෙන් අතුරුදහන් කළ සිය පුතා, බෑණා සහ මුණුපුරාට සිදු වූයේ කුමක්දැයි සොයමින් යුක්තිය උදෙසා දින 1898 ක් පුරා අඛණ්ඩ අරගලයක නිරත වූ 75 වියැති වවුනියාවේ තංගරාසා සෙල්වරාණි අම්මා ඊයේ (02) මිය ගියා.

මේ වනවිට බලහත්කාරයෙන් අතුරුදහන් කළ අයගේ අම්මාවරුන්ගේ අරගලයේ 115කට ආසන්න ගණනකට තම ආදරණීයයන්ට සිදු වූයේ කුමක්දැයි නොදැනම මිය යන්නට සිදුව ඇත.

වසර ගණනක යුද්ධයේදී මෙන්ම යුද්ධය අවසන්වීමෙන් පසු දමිළ තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් බලහත්කාරී අතුරුදහන් කිරීම්වලට ගොදුරුවිය. විශේෂයෙන් යුද්ධය අවසන් වීමෙන් පසු හමුදාවට බාර වූ පිරිසට කුමක් සිදුවුවේ ද යන්න ගැන තවමත් හෙළිකර නැත. එම සමයේ ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට චෝදනා එල්ල වී තිබුණි. එම චෝදනා ගැන සඳහන් කරමින් බලයට පත්වූ යහපාලන රජයෙන්ද අතුරුදහන්වූවන්ට යුක්තිය ඉටු නොවීය.

මේ වනවිට එම සිදුවීම්වලට ඍජුවම චෝදනා එල්ලවූ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂලාට එරෙහිව ජනතාව ජන අරගලයක නිරතව සිටියි. එම ජන අරගලය තුළ තම දරුවන්ට සිදුවූවේ කුමක්දැයි සොයමින් අඛණ්ඩ අරගලයක නිරතව සිටි සෙල්වරානි අම්මලාගේ ඉල්ලීම්ද පෙරට ගැනීම් සිදුකළ යුත්තකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...