ගෝල්ෆේස් ජන අරගලයට සහභාගී වී වොයිස්කට් දුන් තරුණයෙකු අත්අඩංගුවට

මීට දින කිහිපයකට පෙර ගෝල්ෆේස් අරගලයට සහභාගී වූ පන්නල ප්‍රදේශයේ පදිංචි, ගම්පහ-යක්කල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචි වී සිටින තරුණයන් දෙදෙනෙකු ඊයේ (01) දිනයේ යක්කල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට ගෙන ආ මොහොතේ පොලිසියේ අපරාධ අංශයේ ප්‍රධානියා විසින්,
” තමුසෙලා ගෝල්ෆේස් ගිහින් ආණ්ඩුවට විරුද්ධව වොයිස්කට් දුන්නා නේද ? ”
යනුවෙන් පවසා ඔවුන්ට පහර දී, අපරාධ අංශයේ සිර කූඩුවක සිරගත කර ඇත. ඉන් පසු දිනයේ නැවත කුඩූවෙන් එළියට ගනිමින් නැවත පහර දී ඇති අතර, මේ වනවිට ගෝල්ෆේස් අරගලයට යාම හේතුවෙන් ඔවුන් දෙදෙනා හට කිහිප වතාවක් යක්කල පොලිසිය විසින් පහර දී තිබේ.

සමන් කුමාර රන්තිලක නම් මේ තරුණයා ගෝල්ෆේස් අරගලයේ සිටින අයෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ද පාර්ලිමේන්තුවේ දී නම් වශයෙන් සඳහන් කර තිබේ.

ඉන් පසු ඔවුන් නිවසේ නොසිටි අවස්ථාවක ඔවුන්ගේ නිවසට පැමිණි පොලිස් නිළධාරින් විසින් ඔවුන්ගේ මෝටර් සයිකලය නීතිවිරෝධී ලෙස පොලිසියට රැගෙන ගොස්, එය ලබාගැනීමට නම් පොලිසියට එන ලෙස පවසා ඔවුන් ව පොලිසියට ගෙන ගොස් ඇත.

එහිදී ඔවුන් පොලිසියට යාමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර එම මොහොතේ නීතිඥ රොෂාන් කහටපිටිය ඔවුන් වෙනුවෙන් පෙනී සිට තිබේ.
පසුව නීතීඥවරුන් පිරිසක් එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ හේතුව විමසීමේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හේතු වසන් කරමින් පවසා ඇත්තේ පවසන්නේ, ඔවුන් තම තාවකාලික නිවසේ කංසා වගා කළ බවයි.

නමුත් පොලිස් පරීක්ෂණවලදී එම නිවසේ එසේ කිසිදු ආකාරයක නීතිවිරෝධී සිදුවීමක් සිදු වූ බවට සාක්ෂි හෝ, අත්අඩංගුවට ගත් හේතුව ලෙස මත්ද්‍රව්‍ය චෝදනාවක් පොලිසිය විසින් ඉදිරිපත් කර නොමැති අතර පහරදීමෙන් ඇතිවූ තුවාල සහිතව සිටින තරුණයන් පිළිබඳව අසත්‍ය කරුණු පවසමින් පොලිසිය විසින් නීතීඥවරුන් නොමග යවමින් සිටින බව වාර්තා වේ.

නීතිඥ සංගමයේ ප්‍රධානී සාලිය පීරිස් ඇතුළු නීතීඥවරුන් මේ පිළිබඳව මානව හිමිකම් චෝදනාවක් ද ගොනු කිරීමට මේ මොහොතේ ක්‍රියාකරමින් සිටින අතර තවමත් අත්අඩංගුවට ගැනීමට කිසිදු හේතුවක් පොලිසිය විසින් ප්‍රකාශයට පත්කර නොමැති බව ද වාර්තා වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...