ණය ආපසු ගෙවිය හැකි බවට සහතිකයක් අවශ්‍යයි – IMF කියයි

ඕනෑම ගනුදෙනුවක් සඳහා ශ්‍රී ලංකාවට සිය ණය තිරසර මාවතක් කරා ගෙන යා හැකි බවට “ප්‍රමාණවත් සහතිකයක්” අවශ්‍ය වෙතැ යි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන මූලික අදියරේ සාකච්ඡාවලදී මේ බව පවසා ඇත.

සුවිශේෂී මූල්‍ය ආධාරයකින් හෝ පැහැරහැරීමකින් තොරව වත්මන් සහ අනාගත ගෙවීම් වගකීම් ඉටුකිරීමට රජයකට හැකි නම්, එරට රාජ්‍ය ණය තිරසර බව සලකනු ලැබේ.

“ශ්‍රී ලංකාවේ උග්‍ර ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට සහ ආර්ථිකය හැකි ඉක්මනින් තිරසර වර්ධන මාවතකට ආපසු ගෙනඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය සහිත වැඩසටහනක් සැලසුම් කළ යුතු ය,” එම අරමුදල සඳහන් කරයි.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...