නින්දෙන් ඇහැරුණු ළමා ආරක්ෂණ අධිකාරියෙන් නිවේදනයක්

ළමා රක්ෂණ අධිකාරිය අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මේ මොහොතේ පැවැත්වෙන විරෝධතා සහ උද්ඝෝෂණ සඳහා දරුවන් සම්බන්ධ කර නොගන්නා ලෙසයි.

එම නිවේදනයේ දැක්වෙන පරිදි මෙවැනි විරෝධතා සඳහා දරුවන් යොදාගැනීම හරහා ඔවුන් ශාරීරිකව සහ මානසිකව පීඩාවට පත්වේ.

මේ මොහොතේ දරුවන් ඇතුළු අපේ රටේ බහුතරයක් ජනතාව එදා වේල සපයා ගන්නේද ඉතා අමාරුවෙනි. පෝෂ්‍යදායි ආහාර වේලක් යනු අපේ රටේ බොහෝ දරුවන්ට සිහිනයක් පමණක් වී තිබේ. ඊටත් අමතරව දරුවන්ගේ අධ්‍යාපනය ද කඩා වැටී ඇත. පසුගියදාක ආණ්ඩුව පැවසුවේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට කඩදාසි නොමැතිවීම හේතුවෙන් විභාග කල් දැමීමට සිදුවන බවයි. මී වනවිට පාසල් සියල්ල නිවාඩු ලබාදී ඇත.

එසේම මේවනවිට දරුණු ඖෂධ හිඟයක් ඇතිව තිබේ. මේ හරහා රටේ දරුවන්ගේ ද ජීවිත අනතුරට ලක්වී තිබේ.

මේ සියල්ල හමුවේ දරුවන්ට නිරෝගීව ජීවත්වීමට, මුදල් ගෙවීමකින් තොරව අධ්‍යාපනය ලැබීමට සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලැබීමේ අයිතිය අහිමිව ඇත.

ඒ සියල්ල ඉදිරියේ ඇස් කන් වසා සිටින ළමා රක්ෂණ අධිකාරිය උද්ඝෝෂණ ගැන කියමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහිළුවකි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...