නින්දෙන් ඇහැරුණු ළමා ආරක්ෂණ අධිකාරියෙන් නිවේදනයක්

ළමා රක්ෂණ අධිකාරිය අද දිනයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ මේ මොහොතේ පැවැත්වෙන විරෝධතා සහ උද්ඝෝෂණ සඳහා දරුවන් සම්බන්ධ කර නොගන්නා ලෙසයි.

එම නිවේදනයේ දැක්වෙන පරිදි මෙවැනි විරෝධතා සඳහා දරුවන් යොදාගැනීම හරහා ඔවුන් ශාරීරිකව සහ මානසිකව පීඩාවට පත්වේ.

මේ මොහොතේ දරුවන් ඇතුළු අපේ රටේ බහුතරයක් ජනතාව එදා වේල සපයා ගන්නේද ඉතා අමාරුවෙනි. පෝෂ්‍යදායි ආහාර වේලක් යනු අපේ රටේ බොහෝ දරුවන්ට සිහිනයක් පමණක් වී තිබේ. ඊටත් අමතරව දරුවන්ගේ අධ්‍යාපනය ද කඩා වැටී ඇත. පසුගියදාක ආණ්ඩුව පැවසුවේ ප්‍රශ්න පත්‍ර මුද්‍රණයට කඩදාසි නොමැතිවීම හේතුවෙන් විභාග කල් දැමීමට සිදුවන බවයි. මී වනවිට පාසල් සියල්ල නිවාඩු ලබාදී ඇත.

එසේම මේවනවිට දරුණු ඖෂධ හිඟයක් ඇතිව තිබේ. මේ හරහා රටේ දරුවන්ගේ ද ජීවිත අනතුරට ලක්වී තිබේ.

මේ සියල්ල හමුවේ දරුවන්ට නිරෝගීව ජීවත්වීමට, මුදල් ගෙවීමකින් තොරව අධ්‍යාපනය ලැබීමට සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලැබීමේ අයිතිය අහිමිව ඇත.

ඒ සියල්ල ඉදිරියේ ඇස් කන් වසා සිටින ළමා රක්ෂණ අධිකාරිය උද්ඝෝෂණ ගැන කියමින් මාධ්‍ය නිවේදන නිකුත් කිරීම විහිළුවකි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...