කබ්රාල් පොල්ල තියයි. මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්?

රාජ්‍ය මුදල් කාරක සභාවට අද මහ බැංකු අධිපතිවරයාට සහ මුදල් මණ්ඩලයට එන්න කියල තිබුණා. ඒත් අන්තිම මොහොතේ ෆැක්ස් එකකින් කියනවා එන්න බැරිලු. මොවුන්ට සඳුදා එන්න කියලයි මුලින් කියල තිබුණේ. පස්සේ බැහැ කියපු නිසා අද එන්න කිව්වා. කලින් එන්නම් කියලා අද පොල්ල තිබ්බා. රටේ මුදල් කළමනාකරණයේ ඉහළම තැන තමයි රාජ්‍ය මුදල් කාරක සභාව. පාර්ලිමේන්තුවට මුදල් සම්බන්ධ දේවල් දාන්නෙත් මේ කාරක සභාවේ මුලින් සාකච්ඡා කරලා. රාජ්‍ය මූල්‍ය වගකීම ව්‍යවස්ථාවෙන්ම ලබාදීල තියෙන්නේ පාර්ලිමේන්තුවට. ඒ වගකීම තියෙන්නේ ජනාධිපතිවරයාට නෙවෙයි. කබ්රාල්ලා මෙහෙම පොලු තියනව නම් මොන කෙහෙම්මලටද පාර්ලිමේන්තුවක්?

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...