පක්ෂය සමඟ අත්වැල් බැඳගන්න පුබුදු විරු සමරුවේදී ඉතාලියේ ලාංකිකයන් ගෙන් ඉල්ලයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉතාලි කමිටු විසින් සංවිධානය කරනු ලැබූ 32 වන ඉල් මහ විරු සමරුව ඊයේ (20) ඉතාලියේ Brescia නගරයේදී සංවිධානය කර තිබුණි. සමරුවේ ප්‍රධාන දේශනය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් සිදුකළා.

වත්මන් ලංකාවේ පුරවැසියා මුහුණ පා සිටින ඛේදනීය තත්ත්වය මීට තිස් දෙවසරකට පෙර දැක එය වෙනස් කරන්නට 88 89 ඝාතනයට ලක් වූ සහෝදර සහෝදරියන් උත්සාහ කළ බව මෙහිදී පුබුදු ජයගොඩ සහෝදරයා අවධාරණය කළේය. 88 89 අරගලයේ පරාජයේ ප්‍රතිඵල අද අපට භුක්ති විඳින්නට සිදුවී ඇති බවත් මෙය වෙනස් කිරීම ජීවිත පරිත්‍යාගයෙන් සටන් කළ විරුවන්ට කරන ලොකුම උපහාරය බව ඔහු පවසා සිටියා .

වර්තමානයේ උද්ගත වී ඇති දේශපාලන අර්බුද පුද්ගල නොහැකියාවක් මත පැන නැගුනු ඒවා නොවන බව පවසන පුබුදු ජයගොඩ අර්බුද නිර්මාණය කරන්නේ මෙම ක්‍රමය විසින් හෙයින් ක්‍රමය වෙනස් කිරීමෙන් තොරව පුද්ගලයන් මාරු කිරීමෙන් අර්බුද නිරාකරණය කරගන්නට බැරි බව පැවසිය . පීඩිත පන්තිය අරගල කරන මොහොත වන විට එයට නායකත්වය දීම සඳහා පක්ෂය සූදානම් කිරීම අප හමුවේ තිබෙන විශාල වගකීමක් බවත් එය අපහසු කාර්යයක් කොට සලකා අත්හැර දැමිය නොහැකි ඓතිහාසික වගකීමක් වන බව පැවසු ඔහු විදෙස් ගත ශ්‍රී ලාංකිකයාගේ වගකීම ඉෂ්ට කරන්නට පක්ෂය සහ පන්තිය සමග අත්වැල් බැඳ ගන්නා ලෙස ආරාධනා කළා .

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...