කොවිඩ් එන්නත නිසා සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වූ දේශීය වෛද්‍ය සායනයට වාරණයක් – අම්පාරේ උණුසුම් තත්වයක්

කොවිඩ් එන්නත් ලබාගෙන අතුරු ආබාධ ඇතිවන පුද්ගලයින් සදහා පැවැත්වූ දේශීය වෛද්‍ය සායනයක් සදහා ඉගිනියාගල පොලීසිය විසින් තහනම් නියෝගයක් ලබාගැනීම නිසා පොලීසිය, ප‍්‍රදේශවාසීන් සහ දේශීය වෛද්‍යවරු අතර උණුසුම් ගැටුම්කාරී තත්වයක් හටගත්තේය.

කොවිඩ් මරණ වැලැක්වීමේ එකමුතුව විසින් ‘‘වැක් රිකවර්’’ නමින් කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා වන දේශීය වෛද්‍ය සායනයක් අම්පාර, ඉගිනියාගල, නාමල්තලාව ශ‍්‍රී ශෛල්‍යබිම්බාරාමෙයේදී සංවිධානය කර තිබුණි. මෙම වෛද්‍ය සායනය පැවැත්වීම වලක්වන ලෙසට ඉගිනියාගල පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් අධිකරණයට කරුණු වාර්තා කර තහනම් නියෝගය ලබාගෙන තිබුණි.

එහෙත් අධිකරණයෙන් තහනම් නියෝගයක් ලබාගෙන පැමිණීමට පෙර සිටම ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථානය අවට දැඩි පොලිස් ආරක්ෂාවක් ලබාදී තිබුණි. සායනය සදහා කොවිඩ් එන්නත ලබාගෙන සංකූලතා ඇතිවූ පුද්ගලයින් තුන්සියයක් පමණ ලියාපදිංචිවී සිටි අතර අධිකරණ නියෝගය ඉදිරිපත් කිරීමට පෙර සිටම සායනයට පැමිණෙන පුද්ගලයින් හරවා යැවීමට පොලීසිය කටයුතු කර තිබුණි.

මේ අවස්ථාවේදී පොලීසිය සමග ප‍්‍රදේශවාසීන් හා දේශීය වෛද්‍යවරු අතර ගැටුම්කාරී තත්වයක් වර්ධනය විය. ගැටුම්කාරී තත්වය පවතින අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් අධිකරණ නියෝගය රැුගෙන පැමිණ නියෝගය කියවන ලදී.

අධිකරණ නියෝගය නොතකා හරිමින් කොඩිව් එන්නත ලබාගැනීමෙන් පසුව සංකූලතා ඇතිවූ පුද්ගලයින් සදහා ප‍්‍රතිකාර ලබාදුන්නහොත් දේශීය වෛද්‍යවරු අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය දැනුම් දුන් අතර ඒ සමගින් වෛද්‍යවරු එතැනින් ඉවත්ව නාමල්තලාව වෙද මැදුරේදී වෛද්‍ය සායනය පැවැත්වූවේය.

මෙම වෛද්‍ය සායනය සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංවිධානය කර තිබූ බවත්, අධිකරණ නියෝගයට ගරු කරමින් සායනය ශෛල්‍යබිම්බාරාම විහාරස්ථානයේදී පැවැත්වීම වෙනුවට අසල තිබූ වෙද මැදුරේදී පැවැත්වූ බව දේශීය වෛද්‍ය සුමුදු ලියනාරච්චි සදහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇය මෙසේද සදහන් කළාය.

නොමිලේ බෙහෙත් දෙන්න හැදුවේ අහිංසක රෝගීන්ගේ රෝගාබාධවලට. අපි සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කටයුතු කළා. කොවිඩ් එන්නත ලබාගැනීමෙන් පසුව සංකූලතා ඇතිවූ පුද්ගලයින් තුන්සියයක් පමණ කල් ඇතිව මෙහි ලියාපදිංචිවී සිටියා. අපි අධිකරණ නියෝගයට ගරු කරමින් විහාරස්ථානයේ සායනය නොපවත්වා සිටියා. ඒත් ලියාපදිංචිවූ සංකූලතා ඇතිවූ පුද්ගලයින් සම්බන්ධයෙන් දේශීය වෛද්‍යවරු ලෙස අපිට තිබෙන වගකීමෙන් මිදෙන්න බැහැ. ඒ නිසා තමයි අසල තිබූ දේශීය වෙද මැදුරේදී රෝගීන් සදහා සායනය පැවැත්වූවේ’’

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...