Breaking News

‘අසිරි හදවත’ කොරෝනා වසංගතය පැරදවීමේ සහන ක්‍රියාකාරිත්වය ආරම්භ වේ!

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීම සඳහාත් වසංගතය ව්‍යාප්තවීම වැලැක්වීමට සෞඛ්‍ය සේවාවන්ට සහාය වීම පිණිසත් ‘අසිරි හදවත’ වසංගතයට එරෙහි මිනිස් පවුර’ අද(02) සිය ප්‍රථම මාධ්‍ය හමුව පැවැත්වීය.

වසංගතය ව්‍යාප්ත වෙමින් සමාජය බරපතළ අවදානමක පවතින මේ අවස්ථාවේ ඊට මුහුණ දීමේ සීමාව පවා ඉක්මවා යන පීඩාකාරි මට්ටමක් උද්ගත වී ඇති බව සෞඛ්‍ය සේවකයන් වෙතින් ම ප්‍රකාශ වී ඇත. වසංගතය වසර එක හමාරක් තිස්සේ වර්ධනය වෙමින් තවදුරටත් ජනතාව අනතුරට පත් තිබෙන අවස්ථාවේ පාලකයන්ට ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමේ හැකියාවක් පෙන්වා නැත. ජනතාව ආරක්ෂා කිරීමේ කටයුතුවලට සෞඛ්‍ය සේවාවට පමණක් මැදිහත් වීමේ හැකියාව නොමැති බැවින් අවශ්‍ය මහජන ක්‍රියාකාරිත්වයක් සංවිධානය කරමින් වසංගතය පාලනය කිරීමේ ක්‍රියාකාරිත්වයක් වෙනුවෙන් ‘අසිරි හදවත’ ක්‍රියාකාරි වනු ඇත.

මේ අවස්ථාවේ ‘අසිරි හදවත’ ස්වේච්ඡා සහන මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක වීමේදී සහයෝගය දක්වමින් සම්බන්ධ වීමට ප්‍රසන්න විතානගේ, කිංස්ලි ලෝස්, සෝමරත්න දිසානායක, චාන්දනි සෙනෙවිරත්න, ජෙහාන් ශ්‍රී කාන්ත, තුසිත ලක්නාත් යන කලාකරුවන් මෙන්ම විදර්ශන කන්නංගර, ළහිරු වීරසේකර, දුමින්ද නාගමුව දේශපාලන ක්‍රියාකාරික පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වූහ.

වෛද්‍යවරු ඇතුලු සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන්ද මෙම ‘අසිරි හදවත’ ක්‍රියාකාරිත්වයට සහාය පළකර ඇත. දිස්ත්‍රික්ක මට්ටමේ රෝහල් හා වෙනත් ප්‍රාදේශීය රෝහල්වලින් ආරම්භ කෙරෙන ‘අසිරි හදවත’ ක්‍රියාකාරිත්වයේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වසංගතය අවස්ථාවේ උපකාර අවශ්‍යවන ජනතාවට සහායවීමට මෙන්ම වෙනත් සහයෝගයන් ලබාගැනීමට මැදිහත්වන බව සහ කැපවන බව පැමිණි සියලු දෙනා එකඟතාව පළ කළහ.

එහිදී සෞඛ්‍ය සේවාව ඉල්ලා සිටින ආකාරයේ සහායක කාර්යයන් වෙනුවෙන් නිශ්චිත කාලසීමාවක් කටයුතු කිරීමටත් නිරෝධායන පිඵිවෙත් අනුගමනය කිරීමටත් පියවර ගනු ලබන බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ.

leave a reply