Breaking News

නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පනත ඉරා දමනු ! දැවැන්ත විරෝධතාවය

නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමනු ! 78 විශ්වවිද්‍යාල පනත මිලිටරි බලයෙන් යට කරන කොතලාවල පනත පැරදවීමට පෙළගැසෙමු ! යන සටන් පාඨ මූලික කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

රාජගිරියේ සිට විරෝධතා පා ගමනකින් පාර්ලිමේන්තුව අසළට පැමිණි පිරිස එහිදී උද්ඝෝෂණයක ද නිරත විය. එම අවස්ථාවේ අදහස් දක්වමින් සිසුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ කොතලාවල පනතට සංශෝධන ගෙන ඒමට කරන යෝජනා පිළිනොගන්නා බවත් පනත සම්පුර්නයෙන් ඉවත් කළ යුතු බවත්ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

leave a reply