පොලිස් අත්අඩංගුවේදී මියගිය චන්ද්‍රන් විධූෂන්ගේ මරණ පරීක්ෂණ වාර්තාව ඥාතීන් ප්‍රතික්ෂේප කරයි

Date:

පසුගියදා පොලිස් අත්අඩංගුවේ දී මියගිය චන්ද්‍රන් විධූෂන්ගේ මරණයට හේතුව මත්ද්‍රව්‍ය භාවිතය බවට මරණ පරීක්ෂණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්වන බව වාර්තා වේ. විධූෂන්ගේ ඥාතීන් පවසන්නේ එය පිළිගත නොහැකි බවයි.

විධූෂන්ගේ නැගෙනිය වන චන්ද්‍රන් කැරොලයින් පවසා තිබුණේ සිය සහෝදරයාට ඔත්තු සේවා නිලධාරීන් විසින් අමානුෂික ලෙස පහරදෙනු තමන් දුටු බවයි.

ජුනි 2 බදාදා රාත්‍රියේ මඩකලපුවේ ඉරුදයපුරම්හිදී මඩකලපුව පොලීසියේ ඔත්තු සේවා නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් විසි එක් හැවිරිදි චන්ද්‍රන් විධූෂන් තරුණයා ජුනි 3 බ්‍රහස්පතින්දා අළුයම පොලීසිය තුලදීම මියගොස් තිබුණි.

තරුණයාගේ මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස දිස්ත්‍රික් මහේස්ත්‍රාත් කරුපයියා සෙල්වරානි එරාවුර් පොලිසියට නියෝග කර තිබුණි. මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසු විශේෂ අධිකරණ වෛද්‍ය නිලධාරී අරසරත්නම් ඉලන්ගෝවන් පලාත්බද මාධ්‍යවේදීන් සමග පවසා තිබුනේ, තරුණයාගේ මරණයට හේතුව අයිස් නම් මත් ද්‍රව්‍ය අඩංගු පැකට් හතරක් ගිලීම බවයි.

එහෙත් විධූෂන්ගේ පියා සැක කරන්නේ පොලිස් නිලධාරීන් විසින් බලහත්කාරයෙන් සිය පුතුට මත් ද්‍රව්‍ය ගිලවන්නට ඇති බවයි. මරණ පරීක්ෂණ වාර්තාව මේ වන තෙක් තමන් වෙත නොලැබුන බව මිය ගිය තරුණයාගේ පියා වන කේ. චන්ද්‍රන් මාධ්‍යට පවසා තිබේ.

සිය පුතු අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන් ඔහු සතුව අයිස් නැමැති මත් ද්‍රව්‍ය තිබේදැයි පරීක්ෂා කළ අතර එවැන්නක් සොයා ගැනීමට නොහැකි වු කල නිවසත් පරීක්ෂා කළද කිසිවක් හමු නොවුන විට, ඔහුට පහරදී රැගෙන ගිය බවයි පියා වැඩිදුරටත් පවසා ඇත.

සිවිල් ඇදුමින් සැරසී සිටි පොලිස් නිලධාරීන් තරුණයාට පහර දෙන ආකාරය ගම් වැසියන් විසින්ද දැක තිබේ. ඥාතීන් පවසන ආකාරයට මළ සිරුරේ ඔලුවේ සහ බෙල්ලේ තුවාල සළකුණු පෙනන්නට තිබෙන බවයි.

ජුනි 3 බ්‍රහස්පතින්දා රාත්‍රි 8 ට පමණ මඩකලපුවේ ඉරුදයපුරම්හි පිහිටි චන්ද්‍රන් විධූෂන්ගේ නිවසට ගෙනවිත් තිබු දේහය ජුනි 4 සිකුරාදා උදෑසන භුමදානය කර තිබේ.

විධූෂන්ගේ අවසන් කටයුතු සිදු කෙරෙන දිනයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මඩකලපුව පොලීසිය විසින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අධිකරණ නියෝගයක්ද ලබා ගෙන තිබී ඇත.

වසරක පමණ කාලයක් තුළ පොලිස් අත්අඩංගුවේදී සිදුවූ 11වන පුද්ගල මරණය මෙයයි.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම පසුගිය වසරේ නිවේදනය කළේ 2020 මැයි සිට ඔක්තෝබර් දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේ දී මරණ අටක් වාර්තා වී ඇති බවයි.

මෙම මැයි මාසයේදී තරුණයන් දෙදෙනෙකු දින දෙකක් ඇතුළත පොලීසිය විසින් වෙඩි තබා තබා ඝාතනය කරන ලදී.

මීට මාසයකට පෙර මානව හිමිකම් කවුන්සිලය විසින් පොලිස් අත්අඩංගුවේදී සිදුවූ ලද මරණ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ පිළිබඳ වාර්තාවක් සපයන ලෙස පොලිස් ප්‍රධානී චන්දනා වික්‍රමරත්නෙන් ඉල්ලා තිබුණි.

පොලීසිය එම ඉල්ලීම ඉටු කළ බව මෙතෙක් වාර්තා වී නොමැත.

Share post:

Popular

More like this
Related

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...

බලයේ පරීක්ෂණය එය භාවිත කරන ආකාරයයි – ජෙහාන් පෙරේරා

22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා...

ලක්ෂාන් මධුරංග වික්‍රමරත්නගෙ අලුත් කවි පොත ගැන අපිළිවෙළ අදහස් කීපයක් !

කවි පනහෙන් සැලකිව යුතු කවි ප්‍රමාණයක තියෙන ඇතැම් අතීත...