මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ ද අත්අඩංගුවේය !!

අප අනාවැකි පළකළ සේම මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ මෙදින දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස ඔහු කඩිනමින් රැගෙන යෑමේ හේතුව කුමක්දැයි අපි කිසිවෙක් නොදන්නෙමු. ඔහුගේ බිරිඳට දන්වා ඇති හේතුව නම් මාස කිහිපයකට පෙර මුහුණු පොතෙහි සිංහරාජය පිලිබඳ ප්‍රසිද්ධ අවකාශයේ හුවමාරු කරන ලද පෝස්ටුවකි.

අප මේ කොදෙව්වේ නිරතුරුව අත්දකින මහජන දේපොළ සොරාකෑමක් හෝ තම රැකියාව මතින් පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ අශිෂ්ඨ පිළිවෙත ඔහු කිසිවිටෙකත් අනුගමනය නොකරන ලද අතර සමාජයට පීඩාකාරී බලවතුන් ඉමහත් සේ පෙරැත්ත කලද කිසිදා දුගතිය හා අගතිය වෙනුවෙන් තම තනතුර පාවා දීමට ද ඔහු කිසිදු විටෙක ඉදිරිපත් නොවිණි.

නිදහස් හා සාධාරණ සමාජයක් පතන විමුක්තිකාමී ජනයාගේ ආශීර්වාදය චමිල සොයුරා වෙත නොමඳව ලැබේවා !!


එක්සත් ජනපද-චීන බල පොරය අභියස ලංකාව

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...