මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ ද අත්අඩංගුවේය !!

අප අනාවැකි පළකළ සේම මාණ්ඩලික නිළධර චමිල ජයසිංහ මෙදින දහවල් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත. එලෙස ඔහු කඩිනමින් රැගෙන යෑමේ හේතුව කුමක්දැයි අපි කිසිවෙක් නොදන්නෙමු. ඔහුගේ බිරිඳට දන්වා ඇති හේතුව නම් මාස කිහිපයකට පෙර මුහුණු පොතෙහි සිංහරාජය පිලිබඳ ප්‍රසිද්ධ අවකාශයේ හුවමාරු කරන ලද පෝස්ටුවකි.

අප මේ කොදෙව්වේ නිරතුරුව අත්දකින මහජන දේපොළ සොරාකෑමක් හෝ තම රැකියාව මතින් පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීමේ අශිෂ්ඨ පිළිවෙත ඔහු කිසිවිටෙකත් අනුගමනය නොකරන ලද අතර සමාජයට පීඩාකාරී බලවතුන් ඉමහත් සේ පෙරැත්ත කලද කිසිදා දුගතිය හා අගතිය වෙනුවෙන් තම තනතුර පාවා දීමට ද ඔහු කිසිදු විටෙක ඉදිරිපත් නොවිණි.

නිදහස් හා සාධාරණ සමාජයක් පතන විමුක්තිකාමී ජනයාගේ ආශීර්වාදය චමිල සොයුරා වෙත නොමඳව ලැබේවා !!


එක්සත් ජනපද-චීන බල පොරය අභියස ලංකාව

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *